ශ්‍රී ලංකාවේ අලුත් පරීක්ෂණ කොමිසම ඇස් බැන්ඳුමක් – හියුමන් රයිට්ස් වොච්

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් පරීක්ෂා කළ කොමිසන් වාර්තා යලි පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාව තවත් කොමිසන් සභාවක් පත්කිරීම ඇස් බැන්දුමක් බවත් , එය මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ වලින් ගැලවීමේ උත්සහයක් පමණක් බවත් , හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රහාශ කරයි.

ශ්‍රී ලංකා රජය පසුගිය දශකයක පමණ කාලය තුළ මෙබඳු කොමිසන් දුසිමකට වඩා පත්කොට ඇති බවත්, එබඳු ඇතැම් කොමිසන්වල වාර්තා ප්‍රසිද්ධ නොකළ බවත්, ප්‍රසිද්ධ කළ කොමිසන් වල නිර්දේශ පවා ක්‍රියාත්මක නොකළ බවත් එම සංවිධානය කියයි.

අලුත් කොමිසම එබඳු තවත් කොමිසමක් බව කියන නියුමන් රයිට්ස් වොච් සංවිධානය ජාත්‍යන්තරය තවදුරටත් මේවාට නොරැවටිය යුතු බවත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *