වෙන කිසිවකු විසින් සහරාන් මෙහෙයවුවාදැයි සැකයි – ශානි අබේසේකර

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා ලෙස තමන් දන සිටියේ සහරාන් හසීම් බවත් , එසේ වුව ද, ඔහු මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියයාම නිසා වෙනත් කිසිවකු ඔහුව මෙහෙයවන ලද්දේදැයි සැකයක් තමන්ටත් මතුවන බවත් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පහතා පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද ප්‍රකාශ කළේ ය.
සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී නායකයකු තමන් ම මරාගෙන මැරෙන ප්‍රහාරයට නොයන බවත්, ඒ අනුවූ සහරාන් එසේ කිරීම සැකයට හේතුවන බවත්, ඒ මහතා පැවසී ය.
සහරාන් කල්ලියේ ප්‍රහාරක සුදානම ගැන රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් නොකළේ යැයි තමන් විශ්වාස නොකරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂනය ඔස්සේ සාක්ෂි දුන් ඒ මහතා තමන්ගේ 32 වසරක පොලිස් සේවා කාලය තුළ තමන් කිසිදු වරදක් කොට නැති බව ද ප්‍රකාශ කළේ ය. තමන්ට අද ජාතික පොලිස් කොමිසමෙන් නියම කළ අඩ වැටුප වත් නිසි කලට නොලැබෙන බව ඒ ශානි අබේසේකර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ හැගීම් බරව ය.
කොමිසමේ සාක්ෂි විභාගය අද අවසන් කෙරිණ.
