රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් ; පාර්ලිමෙන්තුවෙන් හත් වැන්නා !
පොල් . තල සහ කිතුල් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි,
දින ගණනාවක් රෝගාතුරව සිටි ඒ මහතා කොවිඩ් ආසාදිතයකු බව පසුව කළ පරීක්ෂණයක දී තහවුරු වී තිබේ.
ඒ මහතා ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට නියමිත ය.
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතරින් කොවිඩ් 19 වැළඳුනු හත් වැන්නා අරුන්දික ප්‍රනාන්දු මහතා ය.
නීට පෙර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රවුෆ් හකීම්, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යන අයට මීට පෙර දී වයිරසය ආසාදනය වී තිබිණි.
