නවීන් දිසානායක එජාපයෙන් නොයයි ; නායකත්වයට ලිපියකින් දැනුම් දෙයි

එකසත් ජාතික පක්ෂයෙන් ඉවත්වනු ඇති බවට ආරංචි පැතිර ගිය පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පක්ෂය හැර නොයන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

තමන්ට ලබා දී තිබෙන ජාතික සංවිධායක ධුරයට වෙනත් අයෙකු පත්කර ගැනීමට තම විරුද්ධත්වයක් නැති බව එම ලිපියේ සඳහන් වන නමුත් එම තනතුරින් ඉවත්වන බවක් සඳහන් කොට නැත.

තැන දිවංගත පියාණන් විවිධ තනතුරු දරමින් කැපවීමෙන් ගොඩ නගමින් ආරක්ෂා කල පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කැපවන බව ද දිසානායක මහතා කියයි. පක්ෂයේ ප්‍රතිපත්ති සහ ඉදිරි පිළිවෙලට තම පුර්ණ සහය ලබාදෙන බව ද ඒ මහතාගේ ලිපියේ සඳහන් ය.

පසුගිය ජනවාරි 22 දා දාතමින් මෙම ලිපිය යවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *