කුරුණෑගල චන්දදායකයාට මහින්ද කොකා පෙන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මනාප චන්ද ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලබාදී කුරුණෑගලින් පාර්ලිමේන්තුවට යැවීමට එම ප්‍රදේශයේ ජනතාව කටයුතු කළද රාජපක්ෂ මහතා ප්‍රදේශයේ ජනතාව අතහැර කොළඹ ට වී සිටින බවට එම ජනයයා චෝදනා කරති . මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ හෝ මනාප ප්‍රතිඵල ප්‍රකාශ කළ පසුව හෝ ජනතාව හමුවට නොපැමිණි රාජපක්ෂ මහතා පසුව හෝ ජනතාව…

පුරවැසි සංවිධාන අගමැති හමුවක්

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරය හා පුරවැසි සංවිධාන එකමුතුවේ සමාජික සංවිධානවල හමුවක් හෙට (20115.08.27)  දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත. මෙහිදී යහපාලනය ඉදිරියට ගෙනයාම සඳහා ගොඩනගන ලද නව රජයේ අඩු පාඩු මෙන්ම, ඉදිරියේ දී ගත යුතු සාධනීය පියවර මොනවාද යන්න සාකච්ඡුා කිරීමට නියමිතය. එම හමුව අවසානයේදී වත්මන් රජයේ අග‍්‍රාමාත්‍ය රනිල්…

මුදල් ඇමතිකම රනිල් තියාගනියි ?

නව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී මුදල් ඇමැති ධුරය සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතුවීම හේතුවෙන් එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතෙහිම තබා ගැනීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත . පසුගිය කාලයේ මුදල් ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රශ්න මතුවී තිබීමත් එම ඇමැති දුරයට සුදුසුකම් ඇති ආචාර්ය හර්ශ ද සිල්වා මහතාගේ සහ…

ඇමති මණ්ඩලය දිව්රුම්දීම, සැප්. 1වෙනිදා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව

27වෙනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පෙරමුණෙන් නම් කෙරෙන අය  ඇමතිවරුන් ලෙස දිව්රුම් දෙන බවට ආරංචි පැතිර ගිය නමුත් එය වෙනස්කර ඇති වාර්තා වේ. ඒ අනුව  සැප්තැම්බර් 1 වෙනිදා නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව නව ඇමති මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඇමති ධූර සංඛ්‍යව සඳහා පාර්ලිමේන්තුවේ…

අපට එකසිය විස්සක් ඉන්නවා – සන්ධානය නැතත් ආණ්ඩුව හදනවා – එජාප මහලේකම් කබීර් හසීම්

                පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් එකසිය විස්සක පමණ පිරිසක් තමන්ට සහයදීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් එබැවින් ජාතික ආණ්ඩුවකට සහායදීමට සන්ධානයේ එකගත්වයක් ඇති නොවන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවක් හැදීමට සුදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතා ප්‍රකාශ කොට ඇත . ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ…

අර්බුද විසදන්න මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා හමුවෙයි

එජාපය හා සන්ධානය අතර සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ දී ඇමතිකම් සම්බන්දව මතුවේ ඇති ප්‍රශ්න විසදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර සාකච්චාවක් මේවනවිට ආරම්භ වීඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . නායකයින් තිදෙනාගේ මෙම හමුවේදී අවසන් තීන්දු ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියති . අදත් හෙටත් කරන සාකච්චා මගින්…

“යුක්තිය” කීවා හරි – ඇමැති මණ්ඩලය දිවුරුම් දීම මාලා නාටකයක් වෙයි !

ඇමැති මණ්ඩලය කොටස්  වශයෙන් දිවුරුම් දෙන්නට යන බවට “යුක්තිය ” මගින් කළ හෙළිදරවුව සත්‍ය බව තහවුරු කරමින් කිසිවකු නොසිතු ලෙස ඇමතිවරු තිදෙනෙක් පමණක් අද දිවුරුම් දුන්හ . විදේශ ඇමැති ලෙස මංගල සමරවීර මහතාද ,අධිකරණ ඇමැති ලෙස විජයදාස රාජපක්ෂ මහතාද , පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ලෙස ස්වාමිනාදන් මහතාද එලෙස දිවුරුම් දුන් අතර තවත් ඇමතිවරුන්…

එක්නැලිගොඩ හොයනකොට මිනී ගොඩක් එළියට !

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  සොයා කළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස අද දින හමුදා නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම කණ්ඩායම කළ මෙබදු තවත් ඝාතන රැසක තොරතුරුද හෙළිදරවු වෙමින් පවතින බව දැනගන්නට ඇත . මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව හෙළිදරවු වන්නේ මෙබදු නීති විරෝධී කටයුතු සදහා විශේෂ කණ්ඩායම් පවත්වාගෙන ගොස් ඇත්තේ රජයේ ඉහළ…

දුෂණ පරීක්ෂණ නවත්වාගන්න මහින්ද රහසේ මෛත්‍රී හමුවෙයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී රහස් සාකච්චාවක් පැවැත්වූ බවත් රාජපක්ෂ පවුලේ උදවියට එරෙහිව කෙරෙන දුෂණ පරීක්ෂණ සහ රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතන පරීක්ෂණ නවතා ගැනීම එම හමුවේ ප්‍රධාන අරමුණ බව පැහැදිලි වූ බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි . මෙම පරීක්ෂණ පලිගැනීම සදහා එජාපයෙන් ගෙනයන වැඩපිළිවෙළක් බව මහින්ද රාජපක්ෂ…

පරාදවී ලැයිස්තුවෙන් ආවත් හොදම ඇමැති ධුර ඉල්ලති

නව ඇමැති මණ්ඩලයේ හොදම ඇමැති ධුර සදහා තදින්ම තරග කරන උදවිය අතර මැතිවරණයේදී පරාදවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ උදවියද සිටින බව වාර්තා වෙයි . මොවුන් සහ වෙනත් ජෙෂ්ටයන් අතර තරගය තදින් පැවති අමාත්‍යංශ අතර මුදල් ,වරාය හා ගුවන් සේවා , අධ්‍යාපන ,උසස් අධ්‍යාපන, බලශක්ති , රාජ්‍ය පරිපාලන ,සහ සමුර්ධි අමාත්‍යංශ වන බව කියති . කෙසේ…

ආණ්ඩුව පත්වන විටම විදේශීය “බෝම්බයක් “

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව සකස්කළ යුද අපරාධ පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත භාරදීම මේ සතියේ සිදුවනු ඇති බවත් යුද්ධයේ අවසන්  සමයේ ආණ්ඩුවේ හමුදාත් එල්ටීටීයත් යුද අපරාද කළ බව එම වාර්තාව මගින් ප්‍රකාශ විය හැකි බවත් එයට මුහුණදීම නව ආණ්ඩුව මුහුණ දෙන බරපතළම අභියෝගය වියහැකි බවත් රජයට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . රටතුල කුමක්…

ඇමැති මණ්ඩලය පත්කිරීම අවුල් – කොටස් වශයෙන් දිවුරුම් දෙන්න සිදුවන ලකුණු

යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දැරූ උදවිය එම අමාත්‍යංශ යළිත් ඉල්ලීමත්, අලුතින් ඇමතිකම් බලාපොරොත්තු වන පිරිස වැඩිවීමත් නිසා මෙන්ම ප්‍රබල ඇමැති තනතුරු සදහා එජාපෙ සහ සන්ධානය අතර කඹ ඇදීම් නිසාත්, ඇමැති මණ්ඩලය දිවුරුම් දීම කල්යන බවත්, අවස්ථා කිහිපයකදී කොටස් වසයෙන් දිවුරුම් දීමට සිදුවිය හැකි බවත් දැනගන්නට ඇත . ඒ අනුව පවතින විධිවිධාන අනුව තිස් දෙනකුගෙන් යුත් ඇමැති…