ආණ්ඩුව පත්වන විටම විදේශීය “බෝම්බයක් “

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව සකස්කළ යුද අපරාධ පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත භාරදීම මේ සතියේ සිදුවනු ඇති බවත් යුද්ධයේ අවසන්  සමයේ ආණ්ඩුවේ හමුදාත් එල්ටීටීයත් යුද අපරාද කළ බව එම වාර්තාව මගින් ප්‍රකාශ විය හැකි බවත් එයට මුහුණදීම නව ආණ්ඩුව මුහුණ දෙන බරපතළම අභියෝගය වියහැකි බවත් රජයට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . රටතුල කුමක් ප්‍රකාශ කළද මෙම යුද අපරාද වාර්තාව සැහැල්ලුවෙන් සැලකීම කළ නොහැකි වනබව කියති .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට නියමිත නිසා මෙම ප්‍රශ්නයට සාර්ථකව මුහුණදීම අතිශයින් වැදගත් වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *