පරාදවී ලැයිස්තුවෙන් ආවත් හොදම ඇමැති ධුර ඉල්ලති
නව ඇමැති මණ්ඩලයේ හොදම ඇමැති ධුර සදහා තදින්ම තරග කරන උදවිය අතර මැතිවරණයේදී පරාදවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ උදවියද සිටින බව වාර්තා වෙයි . මොවුන් සහ වෙනත් ජෙෂ්ටයන් අතර තරගය තදින් පැවති අමාත්‍යංශ අතර මුදල් ,වරාය හා ගුවන් සේවා , අධ්‍යාපන ,උසස් අධ්‍යාපන, බලශක්ති , රාජ්‍ය පරිපාලන ,සහ සමුර්ධි අමාත්‍යංශ වන බව කියති . කෙසේ වෙතත් ලැයිස්තුවෙන් ඉඩ ලබාදුන් වැඩි දෙනකුට මන්ත්‍රී ධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .
