දුෂණ පරීක්ෂණ නවත්වාගන්න මහින්ද රහසේ මෛත්රී හමුවෙයි
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මුණගැසී රහස් සාකච්චාවක් පැවැත්වූ බවත් රාජපක්ෂ පවුලේ උදවියට එරෙහිව කෙරෙන දුෂණ පරීක්ෂණ සහ රගර් ක්රීඩක තාජුදීන් ඝාතන පරීක්ෂණ නවතා ගැනීම එම හමුවේ ප්රධාන අරමුණ බව පැහැදිලි වූ බවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි . මෙම පරීක්ෂණ පලිගැනීම සදහා එජාපයෙන් ගෙනයන වැඩපිළිවෙළක් බව මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කොට ඇත . මෙම පරීක්ෂණ නවත්වන්නේ නම් ජාතික ආණ්ඩුවට විමල් වීරවංස ඇතුළු සියලු දෙනාගේ සහාය වසර දෙකක් සදහා ලබාදීමට හැකිබව රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ .
එමෙන්ම වසර දෙකක් ගතවන්නට පෙර එජාපයෙන් පිරිසක් සම්බන්ද කරගෙන ජනාධිපතිවරයාගේ තනි නායකත්වයෙන් සන්ධාන රජයක් ගොඩනැගීමටද එහිදී යෝජනා වී ඇතැයි කියති .
