ඇමැති මණ්ඩලය පත්කිරීම අවුල් – කොටස් වශයෙන් දිවුරුම් දෙන්න සිදුවන ලකුණු
යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් දැරූ උදවිය එම අමාත්‍යංශ යළිත් ඉල්ලීමත්, අලුතින් ඇමතිකම් බලාපොරොත්තු වන පිරිස වැඩිවීමත් නිසා මෙන්ම ප්‍රබල ඇමැති තනතුරු සදහා එජාපෙ සහ සන්ධානය අතර කඹ ඇදීම් නිසාත්, ඇමැති මණ්ඩලය දිවුරුම් දීම කල්යන බවත්, අවස්ථා කිහිපයකදී කොටස් වසයෙන් දිවුරුම් දීමට සිදුවිය හැකි බවත් දැනගන්නට ඇත . ඒ අනුව පවතින විධිවිධාන අනුව තිස් දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් දිවුරුම් දීම ඉදිරි දින දෙක තුළ සිදුවිය හැකිය . ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එයින් ලබාගන්නා අනුමැතිය මත ඇමැති ධුර සංඛ්‍යාව වැඩිකොට තවත් පිරිසකට ඇමතිධුර ලබාදීම දෙවන පියවර විය හැකි බව කියති . අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කොට ඇති පරිදි දිස්ත්‍රික් ඇමතිවරුන් සහ විධායක කාරක සභා සභාපතිවරුන් ලෙස ඇමැති මට්ටමේ තවත් පිරිසක් තෙවන වටයේදී පත්වන බව කියති .
කෙසේ වෙතත් පළමු වටයේදීම ප්‍රධාන අමාත්‍යංශ පිළිබඳ ප්‍රශ්න විසදාගැනීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් දැඩි තීරණ ගැනීමට යන බවටද තොරතුරු ඇතැයි අපේ ආරංචි මාර්ග කියයි .
