කුරුණෑගල චන්දදායකයාට මහින්ද කොකා පෙන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මනාප චන්ද ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් ලබාදී කුරුණෑගලින් පාර්ලිමේන්තුවට යැවීමට එම ප්‍රදේශයේ ජනතාව කටයුතු කළද රාජපක්ෂ මහතා ප්‍රදේශයේ ජනතාව අතහැර කොළඹ ට වී සිටින බවට එම ජනයයා චෝදනා කරති . මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ හෝ මනාප ප්‍රතිඵල ප්‍රකාශ කළ පසුව හෝ ජනතාව හමුවට නොපැමිණි රාජපක්ෂ මහතා පසුව හෝ ජනතාව හමුවට එතැයි කුරුණෑගල ජනයා බලා සිටියද ඒ මහතා මහජනයාට ස්තුති කිරීමට හෝ මේ දක්වා පැමිණ නැත

මේ අතර ජනමාධ්‍යයේ වාර්තා වුයේ පහරකෑමට ලක්වූ අධාරකරුවකු බැලීමට රාජපක්ෂ මහතා කුරුණෑගල රෝහලට පැමිණි බවයි . රාජපක්ෂ මහතාගේ මෙම අධාර කරුවා නගරයේ මැරකමට ප්‍රසිද්ධ හෝටල් හිමියකු බව ප්‍රදේශවාසීහු කියති .කිසිදු මැතිවරණයක් නැති කාලයේද මොහුගේ හෝටලයට තෙවරක්ම ප්‍රහාර එල්ල වූ බවත් විවිධ පුද්ගලයින් සමග ගැටුම් ඇතිකරගැනීම එයට හේතුව බවත් ප්‍රදේශවාසීහු දනිති . එවැන්නකු බැලීමට දඩිබිඩියේ දිවගිය ජනාධිපතිවරයා තමන් හමු නොවීම ගැන චන්දදයකයෝ විමතියට පත්ව සිටිති .

මැතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා පවත්වාගෙන ගිය කුරුණෑගල විලේගොඩ ප්‍රදේශයේ කාර්යාලයද මේ වනවිට වසා දමා ඇත . ඒ මහතා නැවතී සිටි වැව රවුමේ නිවසහිද මේ වනවිට කිසිවකු නැතැයි කියති .රාජපක්ෂ මහතා කොළඹදී හමුවීමට පහසුකමක් ද චන්දදායකයට සලසාදී නැත .

මහින්ද රාජපක්ෂ මහතාට චන්දයදීමෙන් සිදුවී තිබෙන්නේ කුරුණෑගලින් තමන්ට මන්ත්‍රීවරයකු අහිමිවීම පමණක් බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල ආධාරකරුවෝ මැසිවිලි නගති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *