ප්‍රගීත් ඝාතන පරීක්ෂණ නැවැත්වීමේ තැත වරදී !
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කීරීම පිළිබදව කෙරෙන පරීක්ෂණ නවතාගැනීමට ඉහළම මට්ටමේ බලපෑම් සිදුවෙමින් පවතින නමුත් දැන් හෙළිවී ඇති තොරතුරු අනුව එම පරීක්ෂණය යටගැසිය නොහැකි මට්ටමට ඉදිරියට ගොස් ඇතිබව පොලිසියට සම්බන්ධ තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි . එම ආරංචි මාර්ග කියන ආකාරයට මෙම පරීක්ෂණය නවතා ගැනීමට පසුගිය රජයේ ප්‍රබලයෝ කිහිපදෙනක් ම දැඩි උත්සාහයක් දරමින් සිටිති . ආරක්ෂක බුද්ධි අංශ අපහසුවට පත්වන නිසා පරීක්ෂණ නවත්වන්නැයි ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ද ඉල්ලීම් කොට ඇතැයි කියති . පොලිස්පතිවරයාටද තර්ජනාත්මක බලපෑම් සිදුකොට ඇතැයි ද වාර්තා වෙයි . එමෙන්ම පරීක්ෂණය යටගැසීමට විශාල ලෙස මුදල් වියදම් කිරීමේ උත්සාහයක් ගැනද දැනගන්නට ඇත .
මෙම තත්ත්වය වර්ධනය වී ඇත්තේ මෙම අපරාධයට නියෝග දුන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා බව හෙළිවෙමින් පවතින නිසාත් , තවත් අපරාධ රැසක තොරතුරු හෙළිදරවු වෙමින් පවතින නිසාත් බව අපගේ ආරංචි මාර්ග කියයි . එසේ වුවද ප්රරීක්ෂණය දැන් ඉදිරියට ගොස් තිබෙන ප්‍රමාණය අනුව එය ආපසු හැරවිය නොහැකි මට්ටමට පැමිණ ඇති බව ඉහළ පොලිස් නිලධාරීන්ගේ තක්සේරුව වී තිබේ. ඔවුන් කියන්නේ මෙය දැන් ආපසු හැරවීමට උත්සාහ කීරීම මගින් වැඩ බරපතළ අලුත් ප්‍රශ්න මතුවන බවයි .
මුලදී යුද හමුදාවෙන් මෙම පරීක්ෂණයට විශාල විරෝධයක් ඇති බව පෙනීගියද දැන් එම තත්ත්වයද වෙනස් වෙමින් පවතින බවත් මෙබදු සිදුවීම් ගැන තවත් තොරතුරු ලබාදීමට හමුදාවේම පිරිස් ඉදිරිපත්වන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි .
