මුදල් ඇමතිකම රනිල් තියාගනියි ?

නව ඇමැති මණ්ඩලය පත් කිරීමේදී මුදල් ඇමැති ධුරය සම්බන්ධයෙන් බරපතළ ගැටළු මතුවීම හේතුවෙන් එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතෙහිම තබා ගැනීමට තීරණය වී ඇති බව දැනගන්නට ඇත . පසුගිය කාලයේ මුදල් ඇමැති ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රශ්න මතුවී තිබීමත් එම ඇමැති දුරයට සුදුසුකම් ඇති ආචාර්ය හර්ශ ද සිල්වා මහතාගේ සහ වෙනත් අයගේ  පළපුරුද්ද පිලිබදව ප්‍රශ්න මතුවීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි කියති .

රවී කරුණානායක මහතා මුදල් ඇමැති ධුරයේ කටයුතු කළ පසුගිය මාස කිහිපයේදී කොටස් වෙළෙදපොළට හා රාජ්‍ය බැංකුවලට කළ මැදිහත්වීම් පිලිබදව ව්‍යාපාරික ප්‍රජාවගේ විරෝදය පලවී ඇති බවද වාර්තාවෙයි . කෙසේ වෙතත් කරුණානායක මහතාට ඇමතිදුරය ලබාගැනීමටද විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක බවද අපගේ ආරංචි මාර්ග කියයි .

මුදල් ඇමැති ධුරය අගමැතිතුමා වෙත රදවගනීමේ යෝජනාව ඉදිරිපත්වී ඇත්තේ මෙම ප්‍රශ්නයට විසදුමක් වශයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *