තවත් මරණ දෙකක් වාර්තා වෙයි

ගතවූ දිනය තුල කොවිඩ් ආසාදිත මරණ දෙකක් සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයන කරයි. ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 213 ක් වෙයි. හෝමාගම රෝහලේ දී මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්න  සහ කොළඹ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි.

අද (3 දා ) වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 403 ක්

අද (3 දා ) වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 403 ක්

අද (3 දා ) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 403 ක් අලුතින් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වර්තමාන කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 41,031 දක්වා ඉහළ ගොස් ඇත . මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 44,751 ක් ලෙස සටහන් වී ඇත. පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම්…

ඇමති බන්දුලගෙන් තවත් ගැසට්ටුවක් – ආහාර වර්ග 10කට  ස්ථාවර මිලක්

ඇමති බන්දුලගෙන් තවත් ගැසට්ටුවක් – ආහාර වර්ග 10කට ස්ථාවර මිලක්

ආහාර ද්‍රව්‍ය 10 ක් පාලන මිලක් යටතේ ජනතාවට ලබාදීමට අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්,ලූණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතය. සතොස සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා…

කොරෝනා මෘතදේහ පුච්චන මුල් ගැසට්ටුව ඒ මොහොතේ තත්වය අනුව.. එය මාස 06කින් සංශෝධනය කල යුතුයි..- අනිල් ජාසිංහ

කොරෝනා මෘතදේහ පුච්චන මුල් ගැසට්ටුව ඒ මොහොතේ තත්වය අනුව.. එය මාස 06කින් සංශෝධනය කල යුතුයි..- අනිල් ජාසිංහ

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගෙන් මෘත දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කරන ලද මුල් ගැසට්ටුව මේ මොහොතේත් බලාත්මක බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතුම බවට තීන්දු කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ දී පැවැති තත්ත්වය අනුව කිසිම අවදානමක් නොගත යුතු බවට…

කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ කියයි

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණි. එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන්…

අද (2 දා ) කොවිඩ් ආසාදිතයින් 502 ක් එක්වෙති

අද (2 දා ) කොවිඩ් ආසාදිතයින් 502 ක් එක්වෙති

අද ( 2 දා ) කොවිඩ් 19 ආසාදිතයින් 502 ක් හඳුනගෙන ඇති බව රජය නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 40,628 ක් දක්වා ඉහළ  ගොස් ඇත. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 44,348 ක් ලෙස සටහන් වී තිබේ.

තවත් කොවිඩ් මරණ 3ක් – මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළට

තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (02) තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 211 දන්වා ඉහළ ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 93 හැවිරිදි කාන්තාවක්,…

කොවිඩ් මෘතදේහ භූමදානය : ඇමති පවිත්‍රාගේ සහ රාජ්‍ය ඇමති සුදර්ශනීගේ කමිටු කෙහෙවලු පටළාගනී ?

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දිය හැකිද යන්න සොයාබැලීම සඳහා පත් කළ කමිටු දෙක ඒ පිළිබඳ එකිනෙකට පරස්පර දැඩි මතයන් දෙකක් දැරීම හේතුවෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මෙයින් පළමු කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ අතර එම කමිටුව නිර්දේශ කර තිබුණේ කොවිඩ් මෘතදේහ ආදාහනය පමණක් කළයුතුය යනුවෙනි. දෙවැනි කමිටුව…

කන්තලේ සීනි කම්හල විකුණාදැමීම යට අයථා ක්‍රියා රැසක් – දිනමිණ වාර්තා කරයි

විශේෂ  විගණන  වාර්තාවකින්  හෙළි වෙයි; ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නැහැ; අයදුම්පත් 2ක් පදනම් කර ඇගයීම කරලා; රජයට ගොඩනැඟිලි අයිතියත් අහිමි වෙලා; කන්තලේ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යූහගත කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුව අනුගමනය කර ඇති ක්‍රියාවලියම විනිවිදභාවයකින් තොර බව විශේෂ විගණන වාර්තාවක් මඟින් හෙළිදරව් කොට තිබේ.  සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීමට ආයෝජකයකු තෝරා ගැනීමේදී විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය…

ඊයෙත්  ආසාදිතයින් 555 ක් ; ත්‍රිත්ව පොකුර හතලිස් දහස පන්නයි .

ඊයෙත් ආසාදිතයින් 555 ක් ; ත්‍රිත්ව පොකුර හතලිස් දහස පන්නයි .

දිවුලප්ටිය, පෑලියගොඩ ,බන්ධනාගාර පොකුර හෙවත් ත්‍රිත්ව පොකුර ලෙස හඳුන්වන කොවිඩ් පොකුරට ඊයෙත් අලුතින් ආසාදිතයින් 555 දෙනකු එක්  වී ඇත. ඒ අනුව ත්‍රිත්ව පොකුර 40,126 දක්වා ඉහළ ගියේ ය. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 43,846 ක් වශයෙනි. මේ වනවිට රටේ බොහෝ ප්‍රදෙෂවලින් ආසාදිතයින් හමුවීමට පටන්ගෙන ඇති අතර රජයේ වෛද්‍ය නිලධරෙඑඑඞෙ සංගමය ඊයේ ප්‍රකාශ…

අදත් කොවිඩ් මරණ හතරක්

තවත් කොවිඩ් මරණ හතරක් අද දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . අද දිනය තුළ මරණ වාර්තා වී ඇත්තේ අලයඩ්වෙම්බු , කොළඹ 14, අගලවත්ත , සහ ධර්ගා නගරය යන ප්‍රදේශවලිනි. ඒ අනුව මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මහ බැංකුව වෙන්දේසියට දැමු භාණ්ඩාගාර බිල්පත් සියයට 53 ක් විකුණාගන්න බැරිව ප්‍රතික්ෂේප වෙයි

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන පොලිය පදනම් අංක දෙකකින් වැඩි කළ ද , මහ බැංකුව වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් සියයට 53 ක් විකිණී නැති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්, ආර්ථික කටයුතු වාර්තාකරණ කරන  පිළිගත් වෙබ් අඩවියක් වන , ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත. එම වාර්තාවට අනුව මාස…