මහ බැංකුව වෙන්දේසියට දැමු භාණ්ඩාගාර බිල්පත් සියයට 53 ක් විකුණාගන්න බැරිව ප්‍රතික්ෂේප වෙයි

මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවන පොලිය පදනම් අංක දෙකකින් වැඩි කළ ද , මහ බැංකුව වෙන්දේසි සඳහා ඉදිරිපත් කළ භාණ්ඩාගාර බිල්පත්වලින් සියයට 53 ක් විකිණී නැති බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින්, ආර්ථික කටයුතු වාර්තාකරණ කරන  පිළිගත් වෙබ් අඩවියක් වන , ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

එම වාර්තාවට අනුව මාස තුනකින් කල් පිරෙන රුපියල් බිලියන 10 ක් වටිනා  භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබුණ ද ,අලෙවි වී ඇත්තේ මිලියන 510 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයකි .

රුපියල් බිලියන 11 ක් වටිනා බිල් පත් මාස හයකින් කල් පිරෙන ලෙස ඉදිරිපත් කොට තිබිණි. ඉන් අලෙවි වී ඇත්තේ රුපියල් බිලියන 9.7 ක බිල්පත් ප්‍රමාණයකි.

බිලියන 19 ක් වටිනා මාස දොළහකින් කල් පිරෙන බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ නමුත් විකිණී ඇත්තේ බිලියන 8.4 ක බිල්පත් ප්‍රමාණයකි.

දෙසැම්බර් 30 දා බිල්පත් වෙන්දෙසියට බිලියන 40 ක බිල්පත් ඉදිරිපත් කොට තිබුණ ද , වීකිනී ඇත්තේ බිලියන 18.7 ක් වටිනා බිල්පත් ප්‍රමාණයක් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කොට ඇත.

භාණ්ඩාගාර බිල්පත් මගින් ආණ්ඩුව සඳහා  මහ බැංකුව ලබාගත් ණය ප්‍රමාණය 2020 වසර තුළ රුපියල් බිලියන 568 කින් හෙවත් ඩොලර් බිලියන 3 කින් පමණ වැඩි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *