ෆයිසර් -බයෝ එන් ටෙක් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

කොවිඩ් 19 රෝග පාලනය සඳහා නිපදවා ඇති ඇමෙරිකානු ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සඳහා  අනුමැතිය ලබා  දී ඇති බව වාර්තා වෙයි.
එම එන්නත බෙදා හැරීමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ.
කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයවේ.
මේ වන විට ෆයිසර් එන්නතට අමතර ව ඇමෙරිකාවේ  මෙදොනා , බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් එන්නත් මෙන්ම චීනයේ සහ රුසියාවේ ද එන්නත් නිපදවා තිබේ.
 යුනිසෙෆ් සංවිධානය හරහා දිළිඳු රටවලට මෙම එන්නත ලබාදීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩ සටහන මගින්  ප්‍රතිපාදන ලැබීම විශේෂත්වයකි.
මේ වනවිට ෆයිසර් එන්නත අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, කටාර්, බහරේනය සහ මෙක්සිකෝව යන රටවල භාවිත කරමින් පවති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *