කොරෝනා හැදුනත් සංචාරකයන් ගෙන්වනවා ; ගුවන් තොටුපළ විවෘත කරනවා – ඇමති ප්‍රසන්න රණතුංග

කොරෝනා වසංගතය පැතිරීමෙන් පසුව මෙරට සංචාරය සඳහා පැමිණි පළමු පිරිස වන යුක්රේන සංචාරක කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොවිඩ් 19 වැළඳුන ද , මෙරටට සංචාරකයන් ගෙන්වීම දිගට ම සිදුකරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කොට ඇත.
ජනවාරි මස අවසන්වීමට පෙර ගුවන් තොටුපළ විවෘත කරන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ. ගුවන් තොටුපළ විවෘත කරන දිනය ඉදිරි දින කිහිපයේ දී ප්‍රකාශයට පත් කිරීඒමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පවසා ඇත.
සංචාරක ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත්තේ සංචාරක හෝටල් හිමියන් , නියෝජිත සමාගම් ඇතුළු ක්ෂේත්රයේ සියලු අංශ නියෝජිතයින් සමග පැවතී සාකච්ඡාවක දීය.
මෙම සාකච්ඡාව ඊයේ (31 දා ) සංචාරක අමාත්‍යංශයේ දී පවත්වා තිබේ.
මෙරටට පැමිණි පළමු සංචාරක පිරිස වන යුක්රේන සංචාරකයන් පසුගිය දා මෙරටට පැමිණි අතර පසුව කරන ලද පී සී ආර් පරීක්ෂණවල දී ඔවුන් අතරින් හය දෙනකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබිණි.
ඇමතිවරයා කියන්නේ එලෙස සංචාරකයින් අතරින් කොවිඩ් ආසාදිතයින් හමුවුව ද සංචාරකයින් ගෙන්වීම දිගට ම සිදුකරන බවයි.
