රටේ ම දිනක කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2700 ක් බව රජය කියද්දී ගම්පහින් පමණක් 1700ක් වාර්තා වෙලා !

ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2792 ක් බව රජය නිවේදනය කරද්දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් ඊයේ දිනය තුල රෝගීන් 1762 ක් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය උපුටා දක්වමින් අද ලංකාදීප වෙබ් අඩවිය එම පුවත වාර්තා කොට ඇත්තේ පහත සඳහන් ආකාරයෙනි. ගම්පහින් පැය 24 කදී ආසාදිතයින් 1762ක් (තිලකරත්න…

අද කොවිඩ් මරණ 98 ක්; නව ආසාදිතයින් 2792 ක් ; රෝහල් රැසක් පිරිලා

රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 98 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,919 ක් වශයෙනි. අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස රජය වාර්තා කොට ඇත්තේ 2,792 ක් පමණකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 324,221 ක් වශයෙන් නිල සංඛ්‍යා…

“කොවිඩ් කොපමණ වැඩි වුණත් රට වහන්න බෑ ; වෙනත් අවශ්‍ය පියවර ගන්න ” – ජනාධිපති උපදෙස් දෙයි

වැඩිවන කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් එම තත්ත්වය තුළ රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් මර්ධන බලකා ප්‍රධානීන්  අමතා එහිදී ප්‍රකාශ…

විරෝධතාවල නිරත පිරිස් අනීතිකව අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

ජනතාවට බලපාන  පොදු ගැටලු  සහ තමන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල යෙදුණු සංවිධාන සහ වෘත්තිය සංගම් නායකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කරන නීති විරෝධී ආකාරය දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙමඟින් උත්සාහ කරන්නේ රට තුළ භීතියක් ඇති කරමින් පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව නගන හඩ යටපත් කිරීමටදැයි ප්‍රශ්න කර සිටී. අගෝස්තු 04 වැනිදා සිය…

ජනාධිපතිගේ තර්ජනයෙන් බැසිල් පසුබසී ! පොහොර ගෙන්වීමේ ව්‍යාපාරික සාකච්ඡා කල් දමයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද පොහොර ගෙන්වීමේ ගැසට් නිවේදනයට අනුව රසායනික පොහොර ගෙන්වීමට උපදෙස් දීම සඳහා බැසිල් ඇමතිවරයා කැඳවා තිබු සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වෙයි. එලෙස ගැසට් නිවේදන නිකුත් කළාට ඒ අනුව පොහොර ගෙන්වීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනය නිසා…

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට කොවිඩ් තහවුරුයි ; තවත් පැතිරී ඇතැයි සැක

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි අද දිනයේ වරත වී ය. ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ රත්නායක, එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  තිස්සකුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහත්වරුන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස අලුතින් හඳුනාගෙන ඇත. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා…

දිනක කොවිඩ් මරණ ගණන 94 දක්වා ඉහළට ; නව ආසාදිතයින් 2669 ක්

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 94 ක් රජය නිල  වශයෙන් නිවේදනය කොට තිබේ. එම සංඛ්‍යා අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා ව 4,821 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස නිවේදනය කොට ඇති සංඛ්‍යාව 2669 කි . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 321,424 ක් වශයෙනි. කෙසේ වෙතත්…

විශේෂඥ වෛද්‍යවරු කී දේ නොඇසූ ආණ්ඩුව කොවිඩ් ඉදිරියේ දණ ගසයි ! රජයේ සේවකයන් ගෙන්වීම අඩකට බස්සයි

කොවිඩ් තත්ත්වය අවදානම් නිසා රජයේ සියලු සේවකයන් සේවයට කැඳවීමෙන් වලකින ලෙස විශේෂඥ වෛද්‍යවරුන් දුන් උපදෙස් නොතකා මෙතෙක් ක්‍රියා කළ ආණ්ඩුව එම තිරණයේ ප්‍රතිඵල ලෙස කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී යද්දී රජයේ සේවකයින් ගෙන්වීම අඩකින් අඩු කිරීමට තීරණය කොට තිබේ. රජයේ සියලු සේවකයින් ගෙන්වීම වෙනුවට සේවකයින් ගෙන් අඩක් එක වරකට ගෙන්වමින් අවස්ථා දෙකකට රජයේ සේවකයින් ගෙන්වීමට රජය…

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය අද  (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත්  කර ඇත. මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා…

සියලු රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරෙයි ; දැඩි සත්කාර ඉඩ නැහැ ; සෞඛ්‍ය අංශ හදිසි ආපදා තත්ත්වයක් ඉල්ලයි !

මෙරට ප්‍රධාන රෝහල් සියල්ල ම මේ වනවිට කොවිඩ්  රෝගීන්ගෙන් පිරී යමින් පවතින අතර හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස සෞඛ්‍ය අංශවලින් රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත්, රජය තවමත් ඒ සඳහා අනුමැතිය දී නැති බවත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ තතු දත් අංශ කියයි. රෝහල්වල ධාරිතාවය ඉක්මවා රෝගීන් පැමිණීම නිසා කරාපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඊයේ…

කොළඹ බටහිර ජැටියට වසර 25 ක බදු සහන ; අදානි ජෝන් කීල්ස් ව්‍යාපෘතිය තීන්දුයි

ඉන්දියාවේ අදානි සමගම සහ ශ්‍රී ලංකාවේ ජෝන් කීල්ස් සමගම එක්ව ඉදිකිරීමට සැලසුම් කොට ඇති කොළඹ වාරයේ බටහිර ජැටියේ ව්‍යාපෘතිය සඳහා වසර 25 ක් බදු සම කාලයක් ලබා දීමට රජය එකඟ වී ඇත. ඩොලර් මිලියන 650 ක් ආයෝජනයක් මගින් ඉදි කිරීමට යන මෙම ජැටියේ සියයට 51 ක් අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා වරයා…

කොවිඩ් වැඩි ම මරණ අද ; 82 ක් මිය යද්දී නව ආසාදිතයින් 2543 ක්

මෙරට මාස එකහමාරකට පසු  එක දිනක වාර්තා වූ කොවිඩ් වැඩි ම මරණ ගණන වන මරණ 82 ක් අද දිනයේ වාර්තා කොට ඇත. එම නිල වාර්තා අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4,727 ක් වශයෙනි. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,543 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්…