“කොවිඩ් කොපමණ වැඩි වුණත් රට වහන්න බෑ ; වෙනත් අවශ්‍ය පියවර ගන්න ” – ජනාධිපති උපදෙස් දෙයි

වැඩිවන කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කෝවිඩ් රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කර ඇතත් එම තත්ත්වය තුළ රට වසා දැමීමේ හැකියාවක් නැතැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් මර්ධන බලකා ප්‍රධානීන්  අමතා එහිදී ප්‍රකාශ කර තිබේ.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකර අවශ්‍ය වෙනත් ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශවලට එහිදී උපදෙස් දී ඇත.

මහජන  සහ රජයේ උත්සව සීමා කිරීම ඇතුළු වෙනත් අවශ්‍ය පියවර ගැනීමට එහි දී සාකච්ඡා වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *