අද කොවිඩ් මරණ 98 ක්; නව ආසාදිතයින් 2792 ක් ; රෝහල් රැසක් පිරිලා

රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 98 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 4,919 ක් වශයෙනි.

අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලෙස රජය වාර්තා කොට ඇත්තේ 2,792 ක් පමණකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 324,221 ක් වශයෙන් නිල සංඛ්‍යා ලේඛන අනුව සටහන් වෙයි.

කෙසේ වෙතත්, කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල් බොහොමයක් පිරී ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයට පත්ව ඇත.

රෝගීන් පිලිබඳ වාර්තා වීම් විශාල ලෙස වැඩි වී තිබේ.

සමාජයෙන් වාර්තා වන එම තත්ත්වය රජයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කරන්නේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *