විශේෂඥ වෛද්‍යවරු කී දේ නොඇසූ ආණ්ඩුව කොවිඩ් ඉදිරියේ දණ ගසයි ! රජයේ සේවකයන් ගෙන්වීම අඩකට බස්සයි

කොවිඩ් තත්ත්වය අවදානම් නිසා රජයේ සියලු සේවකයන් සේවයට කැඳවීමෙන් වලකින ලෙස විශේෂඥ වෛද්‍යවරුන් දුන් උපදෙස් නොතකා මෙතෙක් ක්‍රියා කළ ආණ්ඩුව එම තිරණයේ ප්‍රතිඵල ලෙස කොවිඩ් රෝගීන්ගෙන් රෝහල් පිරී යද්දී රජයේ සේවකයින් ගෙන්වීම අඩකින් අඩු කිරීමට තීරණය කොට තිබේ.

රජයේ සියලු සේවකයින් ගෙන්වීම වෙනුවට සේවකයින් ගෙන් අඩක් එක වරකට ගෙන්වමින් අවස්ථා දෙකකට රජයේ සේවකයින් ගෙන්වීමට රජය තීරණය කළ බව රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා අද ප්‍රකාශ කළේ ය.

එමෙන් ම ගැබිණි මවුවරුන් සේවයට නොකැඳවීමට සහ ඔවුන්ට දිගට ම නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව ලබා දීමට රජය එලන්ගත්වය ප්‍රකාශ කොට තිබේ.

කොවිඩ් තවත් රැල්ලක් මතුවීමේ අවදානම ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබුන ද ආණ්ඩුව ඒ කිසිවක් සැලකිල්ලට නොගෙන රජයේ සියලු සේවකයින් සේවයට කැඳවා රට විවෘත කළේ ය.

මේ වනවිට රෝහල් කොවිඩ් රෝගීන් ගෙන් පිරී ගොස් බරපතළ තත්ත්වයක් උද්ගතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *