දිනක කොවිඩ් මරණ ගණන 94 දක්වා ඉහළට ; නව ආසාදිතයින් 2669 ක්

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 94 ක් රජය නිල වශයෙන් නිවේදනය කොට තිබේ.
එම සංඛ්‍යා අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා ව 4,821 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව ලෙස නිවේදනය කොට ඇති සංඛ්‍යාව 2669 කි .
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 321,424 ක් වශයෙනි.
කෙසේ වෙතත් , සෞඛ්‍ය සේවා අංශ කියන්නේ මෙරට කොවිඩ් වසංගත තත්ත්වයේ බරපතළකම මෙම සංඛ්‍යාවලින් පෙන්නුම් නොකරන බව යි.
කොවිඩ් හතරවන රැල්ලක අබියස අප සිටින බව එම අංශවල විශ්වාසය යි. මේ වනවිට සියලු ප්‍රධාන රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී පැවතීමත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ ගැටළු මතු වී තිබීමත් මගින් එම තත්ත්වය තහවුරු වෙයි.
