තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට කොවිඩ් තහවුරුයි ; තවත් පැතිරී ඇතැයි සැක

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි අද දිනයේ වරත වී ය.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ රත්නායක, එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී  තිස්සකුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහත්වරුන් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස අලුතින් හඳුනාගෙන ඇත.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද කොවිඩ් වැළඳී මේ වනවිට නිරෝධායනයේ සිටියි.

මොවුන්ගෙන් රෝගය ආසාදනය වූ තවත් මැති ඇමතිවරුන් සිටිය හැකි බවට සැක පහළ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *