මුදල් හා පොලිස් ආරක්ෂාව දෙන තුරු මැතිවරණයට මුද්‍රණ කරන්නෑ- රජයේ මුද්‍රණාලයාධිපතිනිය

  පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් හා පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස මුදල් ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව රජයේ මුද්‍රණාලය සඳහන් කරයි. ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මුද්‍රණ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවාය. පසුව මුදල් ලබා දෙන පදනම මත කටයුතු සිදු කරගෙන යන්නයි මුදල්…

|

ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ – මහින්ද

මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පලකළ අදහසක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. “ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට ලැබුණු ප්‍රතිචාරයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ මෙවැන්නකි. “ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො…

ඇමරිකානු ඩොලරයේ මිල තවදුරටත් පහළට එයි. එක් බැංකුවක 295 යි !

වාණිජ බැංකු විසින් නිකුත් කර ඇති විනිමය අනුපාත සටහන් අනුව අද (09) දිනයේත් ඇමරිකානු ඩොලරයක මිල තවදුරටත් පහළ ගොස් ඇති ආකාරයක් පෙන්නුම් කෙරේ. ලංකා බැංකුවෙහි ඊයේ (07) දිනයේදී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පැවතියේ රු. 315 ක් සහ 335 ක් වශයෙන් වන අතර අද දිනයේදී එය රු. 305 ක් සහ 325 ක් වශයෙන් සටහන්ව…

අල මිල බහී ; දේශීය ගොවියා රැකගන්න බද්ද ඉහළට

  රුපියල ශක්තිමත්වීමත් සමග ආනයනික අර්තාපල් මිල පහත වැටීම නිසා අල සඳහා ආනයන බද්ද රුපියල් 20 සිට 50 දක්වා වහා ම ක්‍රියාත්මක වන ලෙස වැඩි කොට තිබේ. මුදල් සහ ආර්ථික ස්ථායිකරණ ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම බදු වැඩිකිරීම සිදුකොට තිබේ. දේශීය අල ගොවියා රැක ගැනීම…

ඡන්දයක් නැහැ ; වියදම් කරගන්න එපා ! – එජාප අපේක්ෂකයන්ට වජිරගෙන් උපදෙස්

  ලබන වසර දක්වා කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, ඡන්දයක් ඇතැයි සිතා රැස්වීම් පවත්වමින් මුදල් නාස්ති කරගන්නා සජබයට සහ ජාජබයට එසේ කරගන්නට ඉඩ හැර බලා සිටින ලෙසත්, වියදම් කර නොගන්නා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂකයින් පිරිසකට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. පළාත් පාලන ඡන්දය නවත්වනවා නම් පාර්ලිමේන්තුව…

පරිප්පු තොග මිලත් රුපියල් 40 කින් බසී

  පිටකොටුව තොග වෙළෙඳපොළේ පරිප්පු තොගමිල කිලෝවක් රුපියල් 40 කින් අඩු කොට ඇතිබව වාර්තා වෙයි. ඒ අනුව පරිප්පු සිල්ලර මිල ද අඩුවනු ඇතැයි කියති. රුපියල ශක්තිමත් වීමේ ප්‍රමාණය අනුව මෙම මිල ගණන් තව දුරටත් අඩු වනු ඇතැයි ද කියති.

රන් මිලේ දැවැන්ත අඩුවීමක්. පවුම රු. 143,500ට බසී

දේශීය වෙළෙඳපොළෙහි රත්‍රං මිලෙහි දැවැන්ත පහළ යාමක් අද දිනයේ දී සිදුව ඇති බව වාර්තා වේ. මේ අනුව අද (08) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 143,500 ක් දක්වා පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 153,500…

සීනි මිල රුපියල් 25 කින් පහළ ට

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත. එම සංගමය පෙන්වා දෙන්නේ ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය. මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග…

පාන් රුපියල් 10 කින් පිටි 15 කින් අඩුවෙයි

  ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත. මේ වන විට පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිධ  මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම…

“ඡන්දයට මුදල් නෑ ම තමයි” – ආණ්ඩුව අධිකරණයට කියන්න යයි

  ඡන්දයට මුදල් නැති බව කීවේ මුදල් නැති නිසා බවත්, කිසිදු  මුදලක් රඳවාගෙන නැති බවත්, අධිකරණය වෙත දැනුම් දීමට මුදල් අමාත්‍යංශය  සුදානම් වන බව තතු දත් දේශපාලන  අංශ කියයි. ශ්‍රේෂ්ටධිකරණය පසුගිය දා නිකුත් කළ අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තම තත්ත්වය මෙලෙස අධිකරණයට දැනුම් දීමට යන බව කියති. පළමුවෙන් ම අධිකරණ නියෝගය පැහැදිලි කර ගැනීමට සිදුවන…

අයි එම් එෆ් තාක්ෂණික සහය ඇතිව දුෂණ විරෝධී නව පනතක් එයි

  රාජ්‍ය මුල්‍ය කළමනාකරණයේ දී , සහ රාජ්‍ය අංශයේ ගනුදෙනුවල දී, දුෂණය පිටු දැකීමට ශක්තිමත් නව පනතක් ඉදිරිපති කිරීමට රජය සැලසුම් කොට ඇති බව වාර්තා වෙයි. රටේ දුෂණ විරෝධී නීති ශක්තිමත් කිරීම සහ දුෂණයට එරෙහිව පියවර ගැනීම වේගවත් කිරීම නව පනතේ අරමුණ වී තිබේ. දුෂණ හඳුනාගැනීම, පරීක්ෂණ කිරීම සහ වැලැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ විධිවිධාන…

ලංකා බැංකු සේවක සංගමය වර්ජනයෙන් ඉවත් වේ ; ආර්ථිකය නොවට්ටන බව කියයි..

  මෙවර ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සඳහා සහාය නොදෙන බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි. අඛණ්ඩ වැඩ වර්ජන හෝ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමට සැලසුමක් නැති එහි ලේකම් ධනංජය සිරිවර්ධන මහතා සඳහන් කරයි. රජය මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහ වෙනත් ජාත්‍යන්තර ආයතන සමඟ ආර්ථික වැඩපිළිවෙළක සිටින නිසා ඊට බාධා වන ආකාරයේ…