අල මිල බහී ; දේශීය ගොවියා රැකගන්න බද්ද ඉහළට

රුපියල ශක්තිමත්වීමත් සමග ආනයනික අර්තාපල් මිල පහත වැටීම නිසා අල සඳහා ආනයන බද්ද රුපියල් 20 සිට 50 දක්වා වහා ම ක්‍රියාත්මක වන ලෙස වැඩි කොට තිබේ.
මුදල් සහ ආර්ථික ස්ථායිකරණ ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම බදු වැඩිකිරීම සිදුකොට තිබේ.
දේශීය අල ගොවියා රැක ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව කියති.
