පාන් රුපියල් 10 කින් පිටි 15 කින් අඩුවෙයි

 

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බවත් එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

මේ වන විට පාන් ගොඩියක් රුපියල් 150 සිට රුපියල් 180 දක්වා විවිධ  මිලවලට අළෙවි වන බවත් එම ඕනෑම මිලක් රුපියල් 10 කින් අඩු කළ යුතු බවත්, ජයවර්ධන මහතා කියයි.

බනිස් සහ රෝස්පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල සම්බන්ධයෙන් බේකරි හිමියන්ගේ සංගමය වශයෙන් කිසිදු  තීරණයක් ගෙන නොමැති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අතර තිරිඟු පිටි ආනයන සමාගම් ප්‍රකාශ කොට ඇත්තේ පිටි කිලෝවක මිල රුපියල් 15 කින් අඩු කරන බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *