සීනි මිල රුපියල් 25 කින් පහළ ට

සීනි මිලත් පහළ ට

සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 25ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.

එම සංගමය පෙන්වා දෙන්නේ ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.

මේ වනවිට සීනි කිලෝවක තොග මිල රුපියල් 228ක් පමණ වන අතර මෙම මිල අඩුකිරීමත් සමග පාරිභෝගිකයාට යම් සහනයක් හිමිවනු ඇති බව වෙළෙන්දෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *