“ඡන්දයට මුදල් නෑ ම තමයි” – ආණ්ඩුව අධිකරණයට කියන්න යයි

ඡන්දයට මුදල් නැති බව කීවේ මුදල් නැති නිසා බවත්, කිසිදු මුදලක් රඳවාගෙන නැති බවත්, අධිකරණය වෙත දැනුම් දීමට මුදල් අමාත්‍යංශය සුදානම් වන බව තතු දත් දේශපාලන අංශ කියයි.
ශ්‍රේෂ්ටධිකරණය පසුගිය දා නිකුත් කළ අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තම තත්ත්වය මෙලෙස අධිකරණයට දැනුම් දීමට යන බව කියති.
පළමුවෙන් ම අධිකරණ නියෝගය පැහැදිලි කර ගැනීමට සිදුවන බවත්, පසුව ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ස්ථාවරය දන්වා යවනු ඇති බවත්, අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
අධිකරණයේ අතුරු තහනම් නියෝගයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බවට ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ද මතුකොට තිබේ.
