ඡන්දයක් නැහැ ; වියදම් කරගන්න එපා ! – එජාප අපේක්ෂකයන්ට වජිරගෙන් උපදෙස්

ලබන වසර දක්වා කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, ඡන්දයක් ඇතැයි සිතා රැස්වීම් පවත්වමින් මුදල් නාස්ති කරගන්නා සජබයට සහ ජාජබයට එසේ කරගන්නට ඉඩ හැර බලා සිටින ලෙසත්, වියදම් කර නොගන්නා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප අපේක්ෂකයින් පිරිසකට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන ඡන්දය නවත්වනවා නම් පාර්ලිමේන්තුව තුළින් සහ වෙනත් මාර්ගවලින් එය කළ හැකි ක්‍රම ගණනාවක් ඇති නමුත් රජය එම ක්‍රියාමාර්ග ගැනීමට මේ වනතෙක් උත්සහ දරා නැති බව ද , වජිර අබේවර්ධන මහතා පවසා ඇත. එසේ ඡන්දය නවත්වන්න හදනවාට වඩා සජබය සහ ජාජබය හෙම්බත් වන තෙක් සහ ඔවුනොවුන් කා කොටා ගන්න තෙක් බලා සිටීම වඩා වාසිදායක බව ද ඒ මහතා කියයි.
එජාප සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ විපක්ෂය උඩ පැන්නාට ජනතාවට මේ මොහොතේ මැතිවරණයක් අවශ්‍ය නැති බව යි.
