එක්නැලිගොඩ අතුරුදන් කිරීම – ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව සැප්තැම්බර් 2 දා සිට විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාගයට ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද  තීරණය කළේය. සම්පත් අබේකෝන්, සම්පත් වි‍ජේරත්න, ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි. බුද්ධි අංශ නිළධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා…

ටැන්සානියාවත් කොරෝනාවලින් නිදහස් වූ බව නිවේදනය කරයි

නැගෙනහිර අප්‍රිකානු රටක් වන ටැන්සානියාව නව කොරෝනා වයිරසයෙන් නිදහස් රටක් යැයි එරට ජනාධිපති ජෝන් මගුෆුලී නිවේදනය කළේය. ලොව අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් රට නිදහස් බවත් එහි සාර්ථකත්වයට දෙවියන්ට කෘතඥ විය යුතු බවත් ටැන්සානියානු ජනාධිපතිවරයා උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. ‘‘ටැන්සානියානු ජනතාවගේ යාඥාවලට ස්තූතිවන්ත වන්න අපට කොරෝනා වයිරසය පරාජය කරන්න හැකියාව…

රනිල්ට සහ සජිත්ට දැනුම් දී මංගල මැතිවරණ තරගයෙන් ඉවත් වෙයි ; ඡන්දය දෙන්න එපා කියයි

සිය මන්ත්‍රී දේශපාලන ජීවිතයට සමුදීමට තමා තීරණය කළ බව  හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. ඒ අනුව 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් නොවන බවත් අපේක්ෂකයකු ලෙස ඡන්ද නාම ලේඛනයේ  නම සදහන්ව තිබුණද ඡන්දය ඉල්ලිමෙන් වැලකී සිටින බවත් පවසන හිටපු අමාත්‍යවරයා සිය  අංකය ඉදිරියේ  මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රික්…

පාසල් විවෘතකිරීම ජූලි 6 වැනිදා

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කෙරෙන්නේ ජූලි 6 වැනිදා සිට බවද අමාත්‍යවරයා සඳහන්…

සජිත් පිලේ නාමයෝජනා අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභා කෙරෙයි

සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂය විසින් ඉදිරි මහමැතිවරණය සඳහා භාර දී තිබෙන නාමයෝජනා පත්‍ර අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය…

මුව ආවරණ භාවිතය අනාරක්ෂිත බව වැඩිවීමට හේතුවක් වියහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

මුව ආවරණ භාවිතය කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් අවධාරණය කර තිබෙනවා. මුහුණු ආවරණ භාවිතය ඇතැම්විට අනාරක්ෂිත බව වැඩිවීමට හේතුවක් වියහැකි බවත්, පුද්ගල දුරස්ථභාවය, නිතර දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය පුරුදුවලට විකල්පයක් ලෙස එය  හඳුන්වා දිය නොහැකි බවත් එම සංවිධානය පවසයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකිතරම් පුද්ගල දුරස්ථභාවය…

මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් වෙයි

2020 මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය අද  නිකුත් කර ඇත . එය රජයේ මුද්‍රණාල වෙබ් අඩවියේ ද  ප්‍රසිද්ධ කර ඇති අතර රජයේ මුද්‍රණාල ප්‍රධානීන් පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ද  මැතිවරණ අපේක්ෂකයන්ට තමාට හිමි මනාප අංක ලබාගත හැකි බවයි.

සජිත් පිලේ නාමයෝජනා අහෝසිකරන්නැයි පෙතසම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

එකසත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ව සිටිය දී වෙනත් ලියාපදිංචි පක්ෂයකින් නාමයෝජනා ඉදිරිපත් කොට ඇති ජාතික සමගි බලවේගයේ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉදිරිපත් කොට ඇති මානව හිමිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාකරණය ඉදිරියේ අද විභාගයට ගැනීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔෂධ හේරත් මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම විභාගයට ගැනීම මීටපෙර…

නවසීලන්තය කොරෝනාවලින් නිදහස්: සියලු අඟුළු අරියි

ගතවුණු දින 17 ඇතුළත කිසිදු කොරෝනා ආසාදිතයකු හමුනොවීමත්, රෝහල්ගතව සිටි සියලු ආසාදිතයන් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් තොර රටක් යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (8) ප්‍රකාශ කළාය. මිලියන පහක ජනගහනයක් වෙසෙන නවසීලන්තය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවූ ලොව රටවල් කිහිපය අතරින් එකක් වන අතර…

අගෝස්තු 1 දා රට විවෘතයි ; නිරෝධායනයෙන් තොරව ඇතුළුවන්න විදෙස් සංචාරකයන්ට ඉඩ

අගෝස්තු 1 දා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත  කිරීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව විදෙස් සංචාරකයන්ට නිරෝධායනයට යොමු නොවී රටට ඇතුළු වී සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. කෙසේ වෙතත් සංචාරකයන් මෙරටට ඇතුළු වීමට පෙර ලබාගත් පී සී ආර් පරෙක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු අතර මෙරටට ඇතුළු වූ විට තවත් පරීක්ෂණයක් සඳහා යොමු කරනු…

අදත් කොවිඩ් ආසාදිතයන් 22 ක් ; සමස්තය 1857 ට නගී

අද සවසවනවිට තවත් කොවිඩ් 19 ආසාදිතයන් 22 ක් හඳුනා ගත්  බව වසංගත රෝග අංශය කියයි. ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහල ගොස් තිබේ.

එජාපෙන් නෙරපීමට එරෙහි රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල සලකා බැලීම 15 වැනිදා

තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ලබන 15 වැනිදා සලකා බැලීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අද…