සජිත් පිලේ නාමයෝජනා අහෝසිකරන්නැයි පෙතසම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට

එකසත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ව සිටිය දී වෙනත් ලියාපදිංචි පක්ෂයකින් නාමයෝජනා ඉදිරිපත් කොට ඇති ජාතික සමගි බලවේගයේ නාමයෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරන්නැයි මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉදිරිපත් කොට ඇති මානව හිමිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාකරණය ඉදිරියේ අද විභාගයට ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔෂධ හේරත් මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම විභාගයට ගැනීම මීටපෙර අවස්ථා දෙකකදී දෙපාර්ශවයේ එකගත්වය මත කල් තබනු ලැබී ය. ඒ වනවිට මහ මැතිවරණය සම්බන්ධ වෙනත් පෙත්සම් අටක් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවතිණි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා ජෙෂ් ඨ උප සභාපති තනතුරු දරමින් සිටින සජිත් ප්‍රේමදාස සහ රන්ජිත් මද්දුම බණ්ඩාර යන දෙදෙනා වෙනත් පක්ෂයක නායකයින් ලෙස පෙනී සිටීම මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කොට ඇත.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ලෙස නීත්‍යනුකුලව පත් වී නැති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් භාර දී ඇති සියලු නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
