අගෝස්තු 1 දා රට විවෘතයි ; නිරෝධායනයෙන් තොරව ඇතුළුවන්න විදෙස් සංචාරකයන්ට ඉඩ

අගෝස්තු 1 දා සිට විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව විදෙස් සංචාරකයන්ට නිරෝධායනයට යොමු නොවී රටට ඇතුළු වී සංචාරය කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.
කෙසේ වෙතත් සංචාරකයන් මෙරටට ඇතුළු වීමට පෙර ලබාගත් පී සී ආර් පරෙක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු අතර මෙරටට ඇතුළු වූ විට තවත් පරීක්ෂණයක් සඳහා යොමු කරනු ඇත.
මෙම නව විධිවිධාන පිළිබඳව මෙරට සංචාරක නියෝජිතයන් දැනුවත් කිරීමට රජය කටයුතු කොට තිබේ.
