එක්නැලිගොඩ අතුරුදන් කිරීම – ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව සැප්තැම්බර් 2 දා සිට විභාගයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් මස 02 වැනිදා සිට විභාගයට ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවා තිබිණි.
බුද්ධි අංශ නිළධාරීන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර අද නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙම නඩුවේ පළමු සාක්ෂිකාරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගෙන් පළමුව සාක්ෂි ලබා ගනිමින් නඩු විභාගය ආරම්භ කිරීමට නියමිත බවයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා 17ක් යටතේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ලූතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න ඇතුළු 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.
LANKANEWSWEB
