මුව ආවරණ භාවිතය අනාරක්ෂිත බව වැඩිවීමට හේතුවක් වියහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

මුව ආවරණ භාවිතය කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ක්‍රමවේදයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් අවධාරණය කර තිබෙනවා. මුහුණු ආවරණ භාවිතය ඇතැම්විට අනාරක්ෂිත බව වැඩිවීමට හේතුවක් වියහැකි බවත්, පුද්ගල දුරස්ථභාවය, නිතර දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය පුරුදුවලට විකල්පයක් ලෙස එය  හඳුන්වා දිය නොහැකි බවත් එම සංවිධානය පවසයි.

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකිතරම් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම හා නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

නවතම පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානිය ඊයේ ජිනීවා නුවරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මුව ආවරණ භාවිතා කරන්නේ නම් එම මුව ආවරණ අවම වශයෙන් එකිනෙකට වෙනස් අමුද්‍රව්‍යවලින් සැකසූ ස්ථර තුනකින් සමන්විය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *