පොල් ගැසෙට්ටුවත් රිවස් වෙයි ; නිලධාරිනියකගේ බෙල්ල යන ලකුණු

පොල් ගැසෙට්ටුවත් රිවස් වෙයි ; නිලධාරිනියකගේ බෙල්ල යන ලකුණු

පොල් මිල පාලනය සඳහා ආණ්ඩුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදු වී ඇති බව වාර්තා වෙයි. එය සමාජයේ විහිලුවට ලක්වීමත් , රටේ නීතියට අනුව සකස් වී නොතිබීමත් නිසා මෙම තත්ත්වය උදා වී තිබේ. ජනතාවගෙන් සියයට 99ක් මෙයට විරුද්ධ බවත්, ඒ ගැන නැවත සලකා බලන බවත් , කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කළේ ය. එම ගැසට් පත්‍රය දැනට රටේ නීත්‍යනුකුල ව භාවිතා වන මෙට්‍රික් ක්‍රමය අනුව සකසා නොතිබීම නිසා එහි වරද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනියක් පිට පටවා ආණ්ඩුව බේරාගැනීමේ උත්සාහයක් ගැන ද වාර්තා වෙයි.

20 සංශෝධනය කර හදන්න බැහැ ; අයින් කරගන්නම වෙනවා – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

20 සංශෝධනය කර හදන්න බැහැ ; අයින් කරගන්නම වෙනවා – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනයේ ඇති වැරදි තවත් සංශෝධන මගින් නිවරදිකල නොහැකි මට්ටමේ ඒවා බවත් එම සංශෝධනය ඉවත්කරගැනීමට ම සිදුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි. මානව හිමිකම් කඩකිරීම් ඇතුළු සියලු වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්චේදය සමග ගැටෙන බවත් , එය සම්මතකිරීමට නම් ජනමත විචාරණයකට යා යුතු ම බවත් ඒ මහතා කියයි . 20 වැනි සංශෝධනය තුළ මෙබඳු බොහෝ වැරදි ඇති බවත් , ඒවා සංශෝධනය කළ නොහැකි බවත්, මෙම සංශෝධනය සම්පුර්ණයෙන් අත්හැර දැමීමට සිදුවනු ඇති බවත් ඒ මහතා කියයි. ඇමෙරිකාවේ බොස්ටන් ලංකා නිව්ස් සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ය.

13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ.. – අධිකරණ ඇමැති සබ්රි

13 සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම වෙනස් කරන්නේ නෑ.. – අධිකරණ ඇමැති සබ්රි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව වෙනසක් සිදුනොකරන බව අධිකරණ ඇමැති සබ්රි මහතා සඳහන් කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම රටේ අභ්‍යන්තර කටයුත්තක් යයිද පවසන ඔහු දහතුන්වන සංශෝධනය ගැන අනවශ්‍ය සැලකිලිමත් වීමක් නැති බවද පවසයි. මෙරට නීති ක්‍රියාවලියේ දී සිදුවන…

20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ අභයතිස්ස හිමි…

20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ අභයතිස්ස හිමි…

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති. එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති. යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව විසිවන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු…

නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි..  20 කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා..- ගම්මන්පිල

නංගි පෙන්වා අක්කා දෙනවාට විරුද්දයි.. 20 කෙටුම්පතේ වචනයක්වත් නැති දෙයක් කාරක සභා අවස්ථාවේදී ඔබන්න එපා..- ගම්මන්පිල

20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල දීර්ඝ සංවාදයක් ඇති වූ බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි. කෙටුම්පතේ වචනයක් හෝ සදහන් නොවූ දෙයක් කාරක සභා අවස්තාවේදී ආනයනය කිරීමට තමන් එදත් විරුද්ද බවත් අදත් විරුද්ද බවත් ඒ මහතා පැවසීය. නංගි පෙන්වා අක්ක දෙන වැඩවලට විරුද්ද වන බවද ඒ මහතා පැවසීය. කැබිනට් තීරණ…

හරක් මස් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය

හරක් මස් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය නතර කොට හරක් මස් පිටරටින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කරන බව ඒ මහතා කියයි. ගව ඝාතනය තහනම් කිරීමෙන් ගවයින් වයසට යන තෙක් රැක බලා ගැනීම සඳහා තමන්ට අමතර වියදමක් දරන්නට වන බව කිරි ගොවිපල හිමියෝ කියති . ගවයින් කිහිප දෙනකු සිටින ගොවීන්ට පවා මෙම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවනු ඇත. වයසට යන්නට පෙර ගවයින් විකුණා දැමීමෙන් ලැබෙන ආදායම ද ගොවීන්ට අහිමි වෙයි. දේශීය කිරි නිෂ්පාදනය වියදම් අධික වීමට හා ගොවීන් ගවයින් ඇතිකිරීම අත්හැර දැමීමට ද මෙම තීරණය හේතුවනු ඇතැයි කෘෂි ක්ෂේත්‍රයේ තතු දත් උදවිය කියති.

පොල් මැනිල්ල විහිළුවක් වෙලා.. 99%ක්ම මේකට විරුද්දයි.. කිසිම ප‍්‍රායෝගිකත්වයක් නෑ.. තීරණයක් ගන්නවා.. – කැබිනට් ප්‍රකාශක කෙහෙළිය

පොල් මැනිල්ල විහිළුවක් වෙලා.. 99%ක්ම මේකට විරුද්දයි.. කිසිම ප‍්‍රායෝගිකත්වයක් නෑ.. තීරණයක් ගන්නවා.. – කැබිනට් ප්‍රකාශක කෙහෙළිය

පොල් මිල තීරණය කිරීමට ටේප් පටියෙන් වට ප්‍රමාණය මැනීම ප්‍රායෝගික නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. අද වන විට පොල්ගෙඩිය සහ ටේපි පටිය රට තුළ හාස්‍යයට ලක් වී ඇති බවත් ඒ ගැන තමන් කනගාටුව පළ කරන බවත් ඔහු කියා සිටියේය. කවුරුන් හෝ ගත් ගනු ලැබූ එම තීන්දුව කිසිදු ප්‍රායෝගිකත්වයෙන් තොර එකක් බවද…

ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉතා ඉහළයි : ශ්‍රේණිය පහත දමමින් මුඩි ආයෝජන සේවාව කියයි

ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉතා ඉහළයි : ශ්‍රේණිය පහත දමමින් මුඩි ආයෝජන සේවාව කියයි

ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මුඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී තිබු ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ  රටක් ලෙස වර්ගීකරණය කොට ඇත. ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහල දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ. මෙම පහත දැමීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඉහළ  අයවැය හිගය,ප්‍රතිසංස්කරණ මන්දගාමී වීම , සහ දුර්වල ආයතනික ක්‍රියාකාරීත්වය යි. මුඩි ආයතනය මෙවර ශ්‍රී ලංකාව වර්ගීකරණය  කොට ඇත්තේ ඇන්ගෝලාව , ඉරාකය , බාබඩෝස්, ගැබොන් සහ මාලි ඇතුළත් ඉහළ  අවදානම් සහිත රටවල් කාණ්ඩය සමග ය.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ පත්වීම වලක්වන්න පාර්ලිමේන්තුවේ නීති වෙනස් කරයි !

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ පත්වීම වලක්වන්න පාර්ලිමේන්තුවේ නීති වෙනස් කරයි !

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති තනතුරට විපක්ෂයෙන් නම් කොට ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත්වීම වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වහාම වෙනස් කිරීමට ආණ්ඩු පක්ෂය සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග මගින් “යුක්තිය ” ට වාර්තා වෙයි . පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති තනතුර ලබාදිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ය. පසුගිය පාලන සමයේ එම තනතුර දැරුවේ දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසිනි. මුදල් කාරක සභාවේ සභාපති තනතුර විපක්ෂයට ලබාදීම නීතිගත කරන ලද්දේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන සංකල්පයකට අනුව ය. රජයේ සියලු මුදල් ගනුදෙනු මෙම කමිටුවෙන් අධික්ෂණය වීම දුෂණ වංචා අවම කිරීමට හේතු වෙයි. මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වීමට යන්නේ රජයේ මුදල් ගනුදෙනු එලෙස අධීක්ෂණය කිරීමට විපක්ෂයට ඇති ඉඩ ඇහිරීම සඳහා ය.

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- චන්දිම

ඒකාධිපතියන් හදන ව්‍යවස්ථාවකට එකග වන්නේ නෑ..- චන්දිම

ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු ලෙසකින් ඒකාධිපති ගමනකට අවස්ථාවක් බිහි කරන ව්‍යවස්ථවකට තමන් එකග නොවන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. ජනතා බලාපොරොත්තු ඉටු කරන රජයක් ජනාධිපතිවරයෙක් බිහි කරන නව ව්‍යවස්ථාවක් සදහා කැපවෙන බවද ඔහු පවසයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. LANKACNEWS

20 ට එරෙහිව පෙත්සම් 39ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 39 ක් මේ වනවිට අධිකරණය ඉදිරියේ ඇති බව වාර්තා වෙයි . මෙම පෙත්සම් පිලිබඳ විභාගය හෙට ( 29 ) සිට ඇරඹීමට නියමිතය.

20 ට සහයදෙන්න එපා ! දුන්නොත් අපි ඔක්කොම ඉවරයි ! – ආණ්ඩුවේ පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියති

20 ට සහයදෙන්න එපා ! දුන්නොත් අපි ඔක්කොම ඉවරයි ! – ආණ්ඩුවේ පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනයට සහය දීමට කිසිසේත් ඉදිරිපත් නොවන ලෙසත් , 20 සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පඹයින් ගණනට වැටෙන බවත් , ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමති පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියමින් 20 ට එරහි ව්‍යාපාරයක් ගෙනයමින් සිටින බව විපක්ෂ ආරංචි මාර්ග කියයි. 20වංඉ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට මේ දක්වා විවිධ අවස්ථාවල විවිධ මැති ඇමතිවරු මෙම ප්‍රචාරයේ යෙදී සිටිති. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කීවේ තමන්ට මෙම ඉලිලීම කළේ ප්‍රබල ඇමතිවරයකු බවයි. විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙබඳුම ඉලිලීම් ලැබී තිබේ. එම ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව තුළ මෙම කාරණයේ දී විශාල බෙදීමක් හටගෙන ඇති බවයි. එක් පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට වෙහෙස වෙද්දී තවත් පිරිසක් ඔවුන් නැවතීමට උත්සාහ දරමින් සිටිති. විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එන කතාවල සත්‍යතාවක් නැති බවත්, එසේ ප්‍රචාරය කරන්නේ ආණ්ඩු පක්ෂයේ 20 ට විරුද්ධ පිරිස අධෛර්යමත් කිරීමට බවත්, අපේ ආරංචි මාර්ග කියති.