20 ට සහයදෙන්න එපා ! දුන්නොත් අපි ඔක්කොම ඉවරයි ! – ආණ්ඩුවේ පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධනයට සහය දීමට කිසිසේත් ඉදිරිපත් නොවන ලෙසත් , 20 සම්මත වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පඹයින් ගණනට වැටෙන බවත් , ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමති පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියමින් 20 ට එරහි ව්‍යාපාරයක් ගෙනයමින් සිටින බව විපක්ෂ ආරංචි මාර්ග කියයි.

20වංඉ සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට මේ දක්වා විවිධ අවස්ථාවල විවිධ මැති ඇමතිවරු මෙම ප්‍රචාරයේ යෙදී සිටිති.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කීවේ තමන්ට මෙම ඉලිලීම කළේ ප්‍රබල ඇමතිවරයකු බවයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකුට මෙබඳුම ඉලිලීම් ලැබී තිබේ.

එම ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව තුළ මෙම කාරණයේ දී විශාල බෙදීමක් හටගෙන ඇති බවයි. එක් පිරිසක් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහය ගැනීමට වෙහෙස වෙද්දී තවත් පිරිසක් ඔවුන් නැවතීමට උත්සාහ දරමින් සිටිති.

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එන කතාවල සත්‍යතාවක් නැති බවත්, එසේ ප්‍රචාරය කරන්නේ ආණ්ඩු පක්ෂයේ 20 ට විරුද්ධ පිරිස අධෛර්යමත් කිරීමට බවත්, අපේ ආරංචි මාර්ග කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *