පුවත්පත් ආයතනයත් 20 ට එරෙහි වෙයි !

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනයට එරෙහිව අධකරණ ක්‍රියාමාර්ගවලට එක්වීමට මාධ්‍ය ක්ෂේත්‍රයේ සංවිධාන ගණනාවක් නියෝජනය කරන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ද තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. එම ආයතනයේ පෙත්සම ශ්‍රේෂ්ටාධිකරණයට අද ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ශ්‍රී ලංකා කර්තෘවරුන්ගේ සංසදය , පුවත්පත් හිමිකරුවන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය ආයතන  වෘත්තීය සමිති සම්මේලනය, දෙමළ මාධ්‍ය සංගමය, දකුණු ආසියා නිදහස් මාධ්‍ය සම්මේලනය ආදී සංවිධාන රැසක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට සම්බන්ධය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *