පොල් ගැසෙට්ටුවත් රිවස් වෙයි ; නිලධාරිනියකගේ බෙල්ල යන ලකුණු

පොල් මිල පාලනය සඳහා ආණ්ඩුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදු වී ඇති බව වාර්තා වෙයි.

එය සමාජයේ විහිලුවට ලක්වීමත් , රටේ නීතියට අනුව සකස් වී නොතිබීමත් නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

ජනතාවගෙන් සියයට 99ක් මෙයට විරුද්ධ බවත්, ඒ ගැන නැවත සලකා බලන බවත් , කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කළේ ය.

එම ගැසට් පත්‍රය දැනට රටේ නීත්‍යනුකුල ව භාවිතා වන මෙට්‍රික් ක්‍රමය අනුව සකසා නොතිබීම නිසා එහි වරද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිනියක් පිට පටවා ආණ්ඩුව බේරාගැනීමේ උත්සාහයක් ගැන ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *