20 සංශෝධනය කර හදන්න බැහැ ; අයින් කරගන්නම වෙනවා – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති 20 වැනි සංශෝධනයේ ඇති වැරදි තවත් සංශෝධන මගින් නිවරදිකල නොහැකි මට්ටමේ ඒවා බවත් එම සංශෝධනය ඉවත්කරගැනීමට ම සිදුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

මානව හිමිකම් කඩකිරීම් ඇතුළු සියලු වැරදි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති මුක්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම් පරිච්චේදය සමග ගැටෙන බවත් , එය සම්මතකිරීමට නම් ජනමත විචාරණයකට යා යුතු ම බවත් ඒ මහතා කියයි .

20 වැනි සංශෝධනය තුළ මෙබඳු බොහෝ වැරදි ඇති බවත් , ඒවා සංශෝධනය කළ නොහැකි බවත්, මෙම සංශෝධනය සම්පුර්ණයෙන් අත්හැර දැමීමට සිදුවනු ඇති බවත් ඒ මහතා කියයි.

ඇමෙරිකාවේ බොස්ටන් ලංකා නිව්ස් සමග සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *