ආචාර්ය හර්ෂ ද සිල්වාගේ පත්වීම වලක්වන්න පාර්ලිමේන්තුවේ නීති වෙනස් කරයි !

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති තනතුරට විපක්ෂයෙන් නම් කොට ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත්වීම වැලැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වහාම වෙනස් කිරීමට ආණ්ඩු පක්ෂය සුදානම් වන බව තතුදත් ආරංචි මාර්ග මගින් “යුක්තිය ” ට වාර්තා වෙයි .

පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මක ස්ථාවර නියෝග අනුව රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති තනතුර ලබාදිය යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුට ය. පසුගිය පාලන සමයේ එම තනතුර දැරුවේ දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා විසිනි.

මුදල් කාරක සභාවේ සභාපති තනතුර විපක්ෂයට ලබාදීම නීතිගත කරන ලද්දේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන සංකල්පයකට අනුව ය. රජයේ සියලු මුදල් ගනුදෙනු මෙම කමිටුවෙන් අධික්ෂණය වීම දුෂණ වංචා අවම කිරීමට හේතු වෙයි.

මෙම ආණ්ඩුව ක්‍රියාත්මක වීමට යන්නේ රජයේ මුදල් ගනුදෙනු එලෙස අධීක්ෂණය කිරීමට විපක්ෂයට ඇති ඉඩ ඇහිරීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *