හරක් මස් පිටරටින් ගේන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය නතර කොට හරක් මස් පිටරටින් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

ඒ සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කරන බව ඒ මහතා කියයි.

ගව ඝාතනය තහනම් කිරීමෙන් ගවයින් වයසට යන තෙක් රැක බලා ගැනීම සඳහා තමන්ට අමතර වියදමක් දරන්නට වන බව කිරි ගොවිපල හිමියෝ කියති . ගවයින් කිහිප දෙනකු සිටින ගොවීන්ට පවා මෙම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවනු ඇත. වයසට යන්නට පෙර ගවයින් විකුණා දැමීමෙන් ලැබෙන ආදායම ද ගොවීන්ට අහිමි වෙයි.

දේශීය කිරි නිෂ්පාදනය වියදම් අධික වීමට හා ගොවීන් ගවයින් ඇතිකිරීම අත්හැර දැමීමට ද මෙම තීරණය හේතුවනු ඇතැයි කෘෂි ක්ෂේත්‍රයේ තතු දත් උදවිය කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *