පොහොට්ටු නායකයින්ට එන්න බැහැ ; පක්ෂ නායක රැස්වීම “සූම්” වෙයි

  ඇතැම් පක්ෂ නායකයින්ට පර්ලිමෙතුවට පැමිණීමට තරම් ආරක්ෂාවක් නොමැති බව දැන්වීම නිසා පාර්ලිමේන්තුවේ අද කැඳවා තිබු පක්ෂ නායක රැස්වීම අවලංගු කළ අතර පසුව එය සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීරණය කොට තිබේ. අද සවස තුනට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබු අතර ආණ්ඩු පක්ෂයේ ඇතුළු ඇතැම් පක්ෂ නායකයින්ට පැමිණීමට තරම් ආරක්ෂක තත්ත්වය යහපත් නැති බව ප්‍රකශ…

සජිත් ජනාධිපතිකම ඉල්ලයි ; සියලු පක්ෂවලට දන්වයි

  අන්තර් කාලීන ආණ්ඩුවක වගකීම භාර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය තීරණය කොට ඇත. මෙම තීරණය එම පක්ෂය විසින් ජනාධිපතිවරයාටත් විපක්ෂයේ අනෙක් පක්ෂවලට සහ ස්වාධින වූ කණ්ඩායමටත් දැනුම් දී තිබේ. එලෙස අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කොට ජනාධිපති…

අරගලය මැර බලය සහ ජන බලය – අනුර කේ එදිරිසූරිය 

දින තිහක් තිස්සේ ගාලු මුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට ප්‍රචණ්ඩත්වය රැගෙන ආවේ ආණ්ඩුව බව දැන් ඕනෑවටත් වඩා හොඳින් පැහැදිලිය. මයිනා ගෝ ගමට මැර ප්‍රහාර එල්ල වන තුරු පොලීසිය ඉවත බලා සිටියේය. මයිනා ගෝ ගමට පහර දුන් ප්‍රහාරකයන් ගෝඨා ගෝ ගමට යන තුරුත් පොලිසිය ක්‍රියාත්මක වූයේ නැත. මැර පිරිස ගාලු මුවදොර දෙසට යාම තවත් ගැටුමකට හේතු විය…

තාත්තා පැනලා යන්නේ නැහැ ; හැංගිලා ඉන්නවා – නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට කියයි

මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා. අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත්…

සියලු ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීමේ වගකීම අරලිය ගහ මැදුරේ – ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි

ඊයේ රටේ ඇති වූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම අගමැති නිල නිවෙස වූ අරලියගහ මන්දිරයේ රැස්වීම සංවිධානය කළ උදවියගේ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි. ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වුයේ අරලිය ගහ මැදුරෙන් නික්මුණු පිරිසක් ගාලු පාරේ සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝශ්ස්කයන්ට පහර දීමෙන් බව පෙන්වා දෙන එම සංවිධානය එහි වගකීම එය සංවිධානය…

ඇඳිරි නීතිය 12 දා, බ්‍රහස්පතින්දා පෙ ව 7.00 දක්වා දීර්ඝ කරයි

  දිවයින පුරා බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (10) රාත්‍රී නිවේදනය කළේය. එම කාලය තුළ බලදෙන නිලධාරියකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවකුට…

මහින්ද, ජොන්ස්ටන්, දේශබන්දු අත් අඩංගුවට ගන්න – පොලිස්පතිට පැමිණිල්ලක්

කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට අයුතු ජන රාශියක් මෙහෙයවීම ගැන මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගකිව යුත්තන් අත් අඩංගුවට ගෙන ඒ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස නීතිඥ කණ්ඩායමක් අද පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙම සංවිධානාත්මක පිරිස අරලියගහ මැදුරේ සිට මෙහෙයවා ඇති බව පැහැදිලි වන බවත්, එයට වග කිව යුතු…

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පහර දෙයි

  නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් මහතාට මිට සුළු මොහොතකට පෙර පෙරහර මාවතේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා නියෝජ්‍ය පොලිස්පතිවරයා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. යුද හමුදාව වහාම ක්‍රියාත්මක වී අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන පොලිස් රෝහලට ඇතුළත් කර ඇත. (ඉන්දිකා රාමනායක සහ ළහිරු හර්ෂණ) ලංකාදීප

ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිට-හමුදාපතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

  ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට, යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස එම කොමිසමේ සභාපතිනිය දැනුම්දී තිබේ. එම නිලධාරීන්ට ලබන 12 වැනිදා (බ්‍රහස්පතින්දා) පෙරවරු 10.00 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කරන ලෙස වැඩි දුරටත් දන්වා තිබේ. (යොහාන් භාසුර) …

සැඟවුණු මහින්ද සොයා ජනතාව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර වටකරති

  කොළඹින් පලාගිය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සැඟවී සිටින බව කියන ත්‍රිකුණාමලයේ නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් එම පිරිස එම ස්ථානයේ රැඳි සිටිමින් සිය විරෝධය පළ කරති. මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ ,…

පාර්ලිමේන්තුව වහා ම කැඳවන්නැයි කතානායක ඉල්ලයි ; විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා ම කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති අතර හදිසි පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ කැඳවා තිබේ. පාර්ලිමේන්තුව යලි රැස්වීම සඳහා දින නියම කොට ඇත්තේ ලබන 17 දාට ය. එසේ වුව ද, ඊයේ දිනයේ රටේ ඇති වූ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව වහා…

ඥානක්කාගේ නිවෙසට, හෝටලයට සහ දේවාලයට ගිනිතබයි

දේව බලයෙන් දේශපාලඥයන්ට උපදෙස් දෙන බව කියන අනුරාධපුරයේ ඥානක්කා නමැත්තියගේ නිවසට, දේවාලයට සහ ඇයට අයත් බව කියන හෝටලයකට අද අලුයම් කාලයේ පහර දී ගිනි තබා ඇති බව වාර්තා වෙයි. ඇයට විශාල හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණ ද, කුපිත වූ ජනයාගේ පහරදීම් නවතා දැමීමට ඔවුන්ට හැකි වී නැත.