සජිත් ජනාධිපතිකම ඉල්ලයි ; සියලු පක්ෂවලට දන්වයි

 

අන්තර් කාලීන ආණ්ඩුවක වගකීම භාර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුරට පත් කිරීමෙන් පසු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගය තීරණය කොට ඇත. මෙම තීරණය එම පක්ෂය විසින් ජනාධිපතිවරයාටත් විපක්ෂයේ අනෙක් පක්ෂවලට සහ ස්වාධින වූ කණ්ඩායමටත් දැනුම් දී තිබේ.

එලෙස අගමැති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්කොට ජනාධිපති ඉල්ලා අස් වුවහොත් ප්‍රේමදාස මහතා වැඩබලන ජනාධිපති ලෙස පත්වන අතර නව ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ අවස්ථාව පාර්ලිමේන්තුවට හිමි වෙයි.

මෙම ජනාධිපතිට ඕනෑම මොහතක ආණ්ඩුව ඉවත් කිරීමේ බලය හිමිව තිබිය දී ආණ්ඩුව භාරගත නොහැකි බව සමගි ජන බලවේගය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *