අරගලය මැර බලය සහ ජන බලය – අනුර කේ එදිරිසූරිය

දින තිහක් තිස්සේ ගාලු මුවදොර පැවැති සාමකාමී උද්ඝෝෂණයට ප්රචණ්ඩත්වය රැගෙන ආවේ ආණ්ඩුව බව දැන් ඕනෑවටත් වඩා හොඳින් පැහැදිලිය. මයිනා ගෝ ගමට මැර ප්‍රහාර එල්ල වන තුරු පොලීසිය ඉවත බලා සිටියේය. මයිනා ගෝ ගමට පහර දුන් ප්‍රහාරකයන් ගෝඨා ගෝ ගමට යන තුරුත් පොලිසිය ක්‍රියාත්මක වූයේ නැත. මැර පිරිස ගාලු මුවදොර දෙසට යාම තවත් ගැටුමකට හේතු විය හැකි බව වටහා ගන්නට දැණුමක් පොලිසියට නැතැයි සිතිය නොහැකිය.ඔවුන් වලකන්නට පොලිසිය පියවර නොගත්තා පමණක් නොව දේශබන්දු වැනි වගකිව යුතු උසස් පොලිස් නිලධාරින් ප්‍රහාරකයන් සමඟ සිට්න ආකාරය දැක්වෙන ඡායාරූප පවා මේ වන විට ජනගත වී තිබේ.
ගෝල්ෆේස් ප්‍රහාරයෙන් පසුව ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වීම තේරුම් ගැනීමට දේශබන්දු තෙන්නකෝන් හොඳ සාධකයකි. අන්තරයේ පෙළපාලි වලක්වන්නට උසාවි යන, මර උගුල් සහිත මාර්ග බාධක යොදන දේශබන්දු ලා ගෝල්ෆේස් ප්‍රහාරය වලක්වන්නට එසේ කළේ නැත. පාර්ලිමේන්තුව අසල දී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් ආකාරයට ගෝල්ෆේස් ප්‍රහාරකයන් අත්අඩංගුවට ගත්තේද නැත. ප්‍රහාරයෙන් පැය 24ක් ගත වන්නටත් පෙර දේශබන්දු ට පහර දුන් තැනැත්තන් අත්අඩංගුවට ගත් බව පැවසෙන නමුත් සිද්ධියට පැය 48කට ආසන්න කාලයක් ගත වුවත් ගෝල්ෆේස් ප්‍රහාරකයන් අත්අඩංගුවට ගෙන නැත. ඒ පොලිසියට නොහැකි නිසා නොව අවශ්‍ය නැති නිසාය. ජනතාව ඒ බව වටහා ගත්හ. නීතිය අතට ගන්නට ජනතාව පෙළඹුණේ ඒ නිසාය. ප්‍රහාරකයන් අත්අඩංගුවට ගන්නට පොලිසියට අවශ්‍ය නම් අළු එකතු කරමින් ඉන්නවා වෙනුවට කැමරා පරීක්ෂා කරන්නට පුළුවන.
අන්තරයේ සටන් පාඨ අතර ” කපා කපා කෑලි කපා ” වැනි බිය දනවන සටන් පාඨ ඇසුණු නමුත් ගෝල්ෆේස් පිටිය අරගල බිමක් නොව අරගල ප්‍රසංග භූමියකි. එහි පොලු මුගුරු තිබුණේ නැත. තිබුණේ රෝස මල්ය. ප්‍රහාරකයන්ට එරෙහිව ගෝඨා ගෝ ගම ප්රතිප්රහාරයකට ගියේ නම් මැරයන් ගේ අත පය ගෝල්ෆේස් මුහුදේ පා කරන්නට තරම් ශක්තියක් බලයක් එතැන සිටි පිරිසට නොතිබුණ ද නොවේ. නමුත් ඔවුන් සාමකාමී වූවා මිස ප්‍රහාරයකට ගියේ නැත.

ගෝල්ෆේස් යනු ජනතාව ආශ්වාදයට ලක් කළ අරගලයකි. එතැන දරුවන්ට පහර දෙනු දැක සාමාන්‍ය ජනතාව කුපිත වූයේ එහෙයිනි. ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් සොයා යමින් ප්‍රතිප්‍රහාර දුන්නෝ ගෝඨා ගෝ ගම් වල උද්ඝෝෂකයන් නොවේ ගම් වල නගර වල සාමාන්‍ය ජනතාවය. ඔවුන් ඇසුවේ, ” තොපි අපේ කොල්ලන්ට ගැහුවා නේද?” කියාය.
කවරාකාරයෙන් හෝ මේ විනාශ වන්නේ රටේ දේපළය.ඒවා නැවත ගොඩනඟන්නට වැය කළ යුතු වනු ඇත්තේ, ගෑස් , බෙහෙත් ,ඉන්ධන මිලට ගැනීමට වැය කළ හැකි මුදල් නිසාය. වාහනය භාවිත කළේ ගෝල්ෆේස් ප්‍රහාරයට වුව එහි ගමන් කළේ එම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රාදේශීය සභා සභාපති වුව වාහනය රජයේය. රජයේ දේපළ යනු ජනතාව ගේ මුදල්ය. ජනතාව ප්‍රකෝප වී ගත් ඇතැම් පියවර සාධාරණයැයි කීමට ඉක්මන් වන්නටද හැකියාවක් ඒ අනුව නැත.
ජනතා කෝපයට බලපෑ හේතු ද සාධාරණය. පොලිසිය ගෝල්ෆේස් ප්‍රහාරකයන් අත්අඩංගුවට ගත්තේ නම් ජනතාව කුපිත වන්නේ නැත. ප්‍රහාරකයන් පැමිණියේ අරලියගහ මන්දිරයෙන් නොවේ නම් ජනතාව මේ තරම් කුපිත නොවන්නටද තිබුණි. ජනතාව කුපිත නොවූවා නම් මහින්ද අරලියගහ මන්දිරයෙන් යන්නේද නැත. එසේ නම් මේ වන විට අරලියගහ මන්දිරය ගෝඨා ගෝ ගම් වලට පහර දීමට පිරිස බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන තැනක් වන්නට පවා ඉඩ තිබුණි. මින් ඉදිරියට ගෝඨා ගෝ ගමකට හෝ සාමකාමී උද්ඝෝෂණයකට අත තබන්නට කවුරුන් වුව දෙවතාවක් සිතනවාට සැක නැත.

එහෙත් ප්රහාරයක අවධානම මුළුමනින්ම පහව ඇතැයි සිතිය යුතු ද නැත. මහින්ද මැර බලය ගැන විශ්වාසය තැබු නමුත් ගෝඨාභය , ශවේන්ද්‍ර, කමල් ගුණරත්න වැන්නන් විශ්වාසය තබන්නේ හමුදා බලය පිළිබඳ විය හැකි නිසාය. හමුදාව යොදවා ප්රචණ්ඩත්වය ඇතිකර මර්දනයකට උත්සාහයක් පිළිබඳ පළ වන සැකය මුළුමනින්ම බැහැර කළ නො හැකි ඒ නිසාය. කෙසේ වුව , යම් හේතුවකින් හමුදා බලය අත්හදා බලන්නට පෙළඹෙන කාගේ වුව ඉරණම මහින්ද ටත් දේශබන්දු ටත් වඩා බරපතළ වනවාටද සැක නැත.
පවතින තත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුව හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පණවා තිබේ.ඒ අතර ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා සහ හමුදාපති වරයා ගෝල්ෆේස් ප්‍රහාරකයනට දිය යුතුව තිබුණු උපදෙස් ජනතාවට ලබා දෙමින් සිටිනු පෙනේ. ජනතාව සන්සුන් කරන්නට නම් කළ යුතු පළමු කටයුත්ත වන්නේ සාමකාමී උද්ඝෝෂණයට පහරදීමට වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමය.
ගෝල්ෆේස් ප්‍රහාරය විසින් සාමකාමී අරගලය සටන්කාමී අරගලයක් බවට පරිවර්තනය කර ඇති ආකාරයද පැහැදිලිය.ඒ වෘත්තීය සමිති සහභාගිත්වය දැඩි වීම සහ අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීම නිසාය. ප්‍රහාරය ප්‍රහාරකයාට පාරා වළල්ලක් වී ජනතාව නව ප්රබෝධයකින් උද්ඝෝෂණ සමඟ එකතු වෙමින් සිටිති. අගමැතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවී තිබේ. සටන ජයග්‍රාහී ව අවසන් කළ හැකි තැනකට පැමිණ තිබේ. දැන් අවශ්‍ය වන්නේ උපායශීලී වීම, කල්පනාකාරී බව සහ සාමකාමී වීමය. ප්රචණ්ඩත්වය ප්‍රතිවාදියාට වාසිදායක බව වටහා ගනිමින් අරගලය ප්රචණ්ඩත්වය දෙසට යොමු කිරීමට දරන උත්සාහ හඳුනා ගනිමින් කටයුතු කිරීම ජනතාවගේ වගකීම වේ.
අනුර කේ එදිරිසූරිය