සැඟවුණු මහින්ද සොයා ජනතාව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර වටකරති


කොළඹින් පලාගිය හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සැඟවී සිටින බව කියන ත්‍රිකුණාමලයේ නැගෙනහිර නාවික හමුදා මුලස්ථානය ඉදිරිපිට පිරිසක් මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් එම පිරිස එම ස්ථානයේ රැඳි සිටිමින් සිය විරෝධය පළ කරති.
මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ , නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එම කඳවුර තුළ ‘නෙවි හවුස්’ නම් බංගලාවේ සැඟවී සිටින බව විරෝධතාකරුවෝ කියති.
නාවික හමුදාවේ සේවය කරන නාවික සෙබළුන් විසින් ම මෙම තොරතුරු ලබා දී ඇති බවත්, එම බංගලාව දක්වා පිවිසුම් මාර්ග තොරතුරු ද ලැබී ඇති බවත්, විරෝධතාකරුවෝ කියති.
මේ වන විට තව තවත් පිරිස් එම ස්ථානයට ළඟා වෙමින් සිටින බව ද දැනගන්නට ඇත.
