මහින්ද, ජොන්ස්ටන්, දේශබන්දු අත් අඩංගුවට ගන්න – පොලිස්පතිට පැමිණිල්ලක්

කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට අයුතු ජන රාශියක් මෙහෙයවීම ගැන මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගකිව යුත්තන් අත් අඩංගුවට ගෙන ඒ පිලිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස නීතිඥ කණ්ඩායමක් අද පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මෙම සංවිධානාත්මක පිරිස අරලියගහ මැදුරේ සිට මෙහෙයවා ඇති බව පැහැදිලි වන බවත්, එයට වග කිව යුතු සියලු දෙනා අත් අඩංගුවට ගත යුතු බවත්, එමගින් පේනවා දී තිබේ.

කොළඹ පොලිස් මුලස්ථානයේ දී අද දහවල් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *