සියලු ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකිරීමේ වගකීම අරලිය ගහ මැදුරේ – ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි

ඊයේ රටේ ඇති වූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම අගමැති නිල නිවෙස වූ අරලියගහ මන්දිරයේ රැස්වීම සංවිධානය කළ උදවියගේ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වුයේ අරලිය ගහ මැදුරෙන් නික්මුණු පිරිසක් ගාලු පාරේ සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝශ්ස්කයන්ට පහර දීමෙන් බව පෙන්වා දෙන එම සංවිධානය එහි වගකීම එය සංවිධානය කළ උදවියගේ බව කියයි.
ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතු බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.
නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනය මෙසේ ය.

