අද කොවිඩ් නිල වාර්තා තවත් ඉහළට ; මරණ 195 යි ; ආසාදිතයින් 3825 යි

අද තවත් කොවිඩ් ආසාදිත මරණ 195 ක් නිළ වශයෙන් වාර්තා කොට ඇත.. එම නිල සංඛ්‍යා අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,985 කි. අද හඳුනාගත් නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලේඅස වාර්තා කළේ 3,825 ක සංඛ්‍යාවකි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 376,961 ක් වශයෙන් සටහන් වෙයි.

කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන්න – ජනාධිපති

කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් අද (20) ප්‍රකාශ කළේය. රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය. කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට එකම විසඳුම එන්නත්කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේත්,  වෛද්‍ය විශේෂඥවරුන් වැඩිදෙනාගේත් සහ ලෝක සම්මත ක්‍රමවේදය අනුවත්  පිළිගත් මතයයි. ලංකාවට එන්නත් ගෙන්වා ගැනීමට…

දින නවයක් නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා සඳුදා උදැසන 4.00 දක්වා රට පුරා නිරෝධා න ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව හෙට සිට දින නවයක්  නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. කතෝලික පල්ලිය විසින් හෙට දින විරෝධතා දිනයක් ලෙස මීට පෙර ප්‍රකාෂයට පත් කොට තිබිණි. බෞද්ධ මහා නා හිමිවරුන් ඊයේ ඉල්ලීමක් කළේ අඩු තරමින් සතියකට රට වසන…

කොවිඩ් නිල වාර්තාත් අද ඉහළ ම අගයක ; මරණ 186 යි ; ආසාදිතයින් 3793 යි

කොවිඩ් සම්බන්ධයෙන් රජය නිතිපතා නිකුත්කරන විවාදාත්මක නිල වාර්තා අනුව ද එක දිනෙක ඉහළ ම මරණ සංඛ්‍යාව සහ ඉහළ ම ආසාදිත සංඛ්‍යාව අද වාර්තා කළේ ය . ඒ මරණ 186 ක් සහ නව ආසාදිතයින් 3793 ක් වශයෙනි. මෙම සංඛ්‍යා අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,790 ක් වශයෙනි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත…

සතියක කාලයකටවත් රට වසා තබන ලෙස අස්ගිරි -මල්වතු මහ නායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අඩු තරමින් සතියක කාලයකට හෝ  රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරුන්  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති. නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ…

වහා ම රට වහන්න, කොවිඩ් දත්ත හැංගු අය හොයන්න – ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිගෙන් ඉල්ලති

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ද, කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ලිපියක් මඟින්  ඉල්ලීමක් කර ඇත. ආණ්ඩුවේ සාමාජිකයින් වන කුඩා පක්ෂ සියල්ලම පාහේ මෙම ලිපියට අත්සන් තබා ඇත. අතුරලියේ රතන හිමි…

ආණ්ඩුව මේ කරන්නේ රෝගය බෝවෙන්නට හැර මැරෙන අය මැරෙන්න දී ඉතිරි අයට රංචු ප්‍රතිශක්තිය ගන්න හැදීමයි – සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව

කොවිඩ් විශාල ලෙස ව්‍යාප්ත වෙද්දී රට නොවසා ආණ්ඩුව කරමින් සිටින්නේ ජනතාවට රෝගය බෝවෙන්නට ඉඩ හැර මැරෙන අයට මැරෙන්නට දී ඉතිරි අයට රෝගයෙන් ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමේ උත්සාහයක නියැලීම බවත්, රංචු ප්‍රතිශක්තිය සෙවීමේ එම ක්‍රියාවලිය කොරෝන මර්දනයක් ලෙස හැඳින්විය නොහැකි බවත් , සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි. මැරෙන අයට මැරෙන්නට හැර ඉතිරි අය රැකගැනීමේ මෙම…

අද සුපුරුදු කොවිඩ් නිල දත්ත ; මරණ 170 යි ; ආසාදිතයින් 3660 යි

රජය අද නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 170 කි. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,604 ක් වශයෙනි. අද නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,660 කි. ඒ අනුවා මෙරටින් සොයාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව් 369,343 ක් ලෙස වාර්තාවල සඳහන් වෙයි.

ජනතාව රට වැසීම වළක්වන්න පොහොට්ටු දේශපාලඥයන්ගෙන් තර්ජන ; ජොන්ස්ටන් පෙරමුණේ

රට පුරා කොවිඩ් ආසාදිතයින් සහ මරණ වාර්තා වෙමින් තිබිය දී ආණ්ඩුව රට නොවසන තත්ත්වයක් තුල තම තමන්ගේ නගර වැසීමට වෙළෙඳ සංගම් සහ ජනතාව ගන්න උත්සාහය වැළක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් දේශපාලඥයන් තර්ජන එල්ල කරමින් සිටින බව වාර්තා වෙයි. නගර වැසීම ආර්ථිකය කඩා කප්පල් කිරීමේ විපක්ෂ කුමන්ත්‍රණයක් බව කියමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා නගර…

කොවිඩ් නිසා තවත් නගර 24ක් වැසේ – වැසූ නගර ගණන 58 දක්වා ඉහළට

කොරෝනා අවධානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය ගෙන තිබේ. මෙම නගරවලට ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි. දිවයින පුරා නගර 34 ක කඩ සාප්පු දැනටමත් වසා…

සාප්පු සංකීර්ණ ,ක්‍රීඩාගාර ,සපා, දිව සුරැකුම් මධ්‍යස්ථාන වැසේ – නව මාර්ගෝපදේශ නිකුත්වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත එම නිවේදනයට අනුව අගෝස්තු මස 31 වන දා දක්වා නව මාර්ගෝපදේශ බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි ඒ අනුව නිවසකින් පිටත ට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. එහෙත් රැකියාව සඳහා හෝ…

රනිල්ගේ යෝජනාව මෛත්‍රී ස්ථිර කරයි ! පක්ෂ නියෝජිත සමුළුවක් ඉල්ලයි

කොවිඩ් වසංගතය උත්සන්න වීමෙන් රටේ පැන නැගී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් වහාම කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති, පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය. මීට පෙර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඊයේ…