ආණ්ඩුව මේ කරන්නේ රෝගය බෝවෙන්නට හැර මැරෙන අය මැරෙන්න දී ඉතිරි අයට රංචු ප්‍රතිශක්තිය ගන්න හැදීමයි – සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව

කොවිඩ් විශාල ලෙස ව්‍යාප්ත වෙද්දී රට නොවසා ආණ්ඩුව කරමින් සිටින්නේ ජනතාවට රෝගය බෝවෙන්නට ඉඩ හැර මැරෙන අයට මැරෙන්නට දී ඉතිරි අයට රෝගයෙන් ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමේ උත්සාහයක නියැලීම බවත්, රංචු ප්‍රතිශක්තිය සෙවීමේ එම ක්‍රියාවලිය කොරෝන මර්දනයක් ලෙස හැඳින්විය නොහැකි බවත් , සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරයි.
මැරෙන අයට මැරෙන්නට හැර ඉතිරි අය රැකගැනීමේ මෙම ක්‍රමය “දුර්වලයින් බිලි දී ඔරොත්තු දෙන අය පමණක් රැක ගැනීම” යන අමානුෂික ප්‍රතිපත්තිය බවත් එම සංවිධාන කියයි.
කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ එසේ රෝග සෑදී මිනිසුන් මැරී යද්දී ඉතිරි අයට ප්‍රතිශක්තිය ලබාගැනීමට නම් රජයක් හෝ සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය නොවන බව යි. එමෙන් ම එය කොරෝනා පාලනය කිරීමක් ද නොවන බව යි.
කොවිඩ් මර්දනයේ දී එන්නත ගැන පමණක් විශ්වාසය තිබීම ද වැරදි බව කී කුමුදේශ් මහතා වැඩිදුරටත් කීවේ එන්නත ගැන පමණක් විශ්වාසය තැබීම නිසා ඉන්දියාව විශාල ව්‍යසනයකට මුහුණ දුන් බව යි.
පවතින කොවිඩ් ව්‍යාප්තිය සමග රට වසා දැමීමට රජය ක්‍රියා නොකරන්නේ නම් වෘත්තීය සමිති එක්ව ලබන සතියේ රට වසා දැමීමට ක්‍රියා කරන බව යි.
