වහා ම රට වහන්න, කොවිඩ් දත්ත හැංගු අය හොයන්න – ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ජනපතිගෙන් ඉල්ලති

සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිරසය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ද, කොරෝනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා පියවර ගන්නැයි ද ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මඟින් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩුවේ සාමාජිකයින් වන කුඩා පක්ෂ සියල්ලම පාහේ මෙම ලිපියට අත්සන් තබා ඇත.
අතුරලියේ රතන හිමි ( අපේ ජනබල පක්ෂය) , වාසුදේව නානයක්කාර ( ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ),තිස්ස විතාරණ (ලංකා සමසමාජ පක්ෂය),විමල් වීරවංශ(ජාතික නිදහස් පෙරමුණ), උදයගම්මන්පිල(පිවිතුරු හෙළ උරුමය,ඒ එල් එම් අතාවුල්ලා ( ජාතික කොංග්‍රසය) ,ටිරාන් අලස් ( එක්සත් මහජන පක්ෂය) ජී වීරසිංහ( ශ්‍රී ලංකාවේ කොමියුනිටිස් පක්ෂය), අසංක නවරත්න( ශ්‍රී ලංකා මහජන පක්ෂය) ,ගෙවිදු කුමාරතුංග ( යුතුකම ජාතික සංවිධානය) මේ සඳහා අත්සන් තැබුවෝ වෙති .
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පෙරේ දා පාර්ලිමේන්තුවේ කතා කරමින් කීවේ රට වැසිය යුතුය යන්න තමන්ගේ ද අදහස බවයි. වහාම රට වසන ලෙස ජනාධිපතිතුමාගෙන් තමා ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.
ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට තමා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වූ බවත්, එම රැස්වීම නොපැවති නිසා එම ඉල්ලීම පාර්ලිමේන්තුවේ දී කිරීමට තමා ක්‍රියා කළ බවත්, ඒ මහත කීය.
දොලවත්ත මහතා සැලකෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වශයෙනි
