සතියක කාලයකටවත් රට වසා තබන ලෙස අස්ගිරි -මල්වතු මහ නායක හිමිවරු ජනපතිගෙන් ඉල්ලති

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අඩු තරමින් සතියක කාලයකට හෝ  රට වසා තැබීමට කටයුතු කරන ලෙස ඉල්ලා අස්ගිරි – මල්වතු මහානායක හිමිවරුන්  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත

කොරෝනා වෛසරය දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බව ද මල්වතු – අස්ගිරි මහානායකහිමිවරු පෙන්වා දෙති.

නව විකෘති වෛරස ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශවලින් පෙන්වා දී ඇතැයි ද එම ලිපියේ සඳහන් ය.

ඉදිරි මාස කිහිපය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව සෞඛ්‍ය සංවිධානය මඟින් ද අනතුරු අඟවා ඇතැයි මහානායක හිමිවරු පෙන්වා දෙති.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *